Quantcast
Channel: Sinhala – Supun Budhajeewa's Blog
Viewing all 25 articles
Browse latest View live

IPL 2011

$
0
0

2011 ලෝක කුසලානෙ ඉවර වෙලා සතියක්වත් යන්න කලිං ඔන්න තව ක්‍රිකට් තරගාවලියක් පටංගන්න යන්නේ. ඒ තමා ඉන්දියානු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රීඩකයන් සමග තරග කිරීමේ අත්දැකීම ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වන IPL තරගාවලියේ 2011 වර්ෂයේ දිගහැරුම‍.

ලංකාවෙ ක්‍රීඩකයොත් බර ගාණක් මේපාර සෙල්ලං කරනවා. සමහරු නං අපේ කස්ටිය තරගෙට යන එකටයි, ගිහිං අතපය කඩාගන්න එකටයි අකමැති උනාට, රට නියෝජනය කිරීමේ අවශ්‍යතායක් නැති නිදහස් කාලයන් වලදී මේ වගේ තරග වලිං ඔවුන් සල්ලි උපයගන්න එකේ කිසිම වරදක් නෑ. අනිත් එක ඒ සල්ලි අරං කස්ටිය එන්නෙ ඉතිං ලංකාවට නෙ.

අනිත් එක ඩිල්ෂාන් ලොක්කා කිවුව නෙ එයාගෙ ඩිල්ස්කූප් පහර නිර්මාණය කිරීමට මග පෑදුනේ 2009 දි දකුණු අප්‍රිකාවෙදි පැවැත්වුනු IPL තරගාවලිය අතරතුරදි කියල, ඉතිං නරකයැ?

අපි වගේ ප්‍රේක්ෂකයොංගෙ පැත්තෙං බලනකොටත් IPL කියන්නේ සිරා වැඩක්. T20 තරග කොහොමත් ගින්දර විසිවෙන සයිස් එකේ එවුව නේ, ඉතිං ඒවට ඉන්දියන් කෝටිපතියොංගෙ කෝටි ගණං වල සල්ලි කන්දරාවත් එකතු උනාම ආයි ඉතිං කියන්න ඕන නෑ නෙ!? කොහොමටත් පහුගිය තරගාවලි බලපු කෙනෙක් නම් ඉතිං මේකෙ රහ දන්නව නෙ.

මේ තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ ක්‍රීඩකයො ඉන්න කණ්ඩායම් හා ඒවාය ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයො:

Chennai Super Kings (CSK)

Nuwan Kulasekara and Suraj Randiv

Deccan Chargers (DC)

Kumar Sangakkara (Captain)

Kochi Tuskers Kerala (KTK)

Muttiah Muralitharan, Mahela Jayawardene (Captain) and Thisara Perera

Mumbai Indians (MI)

Dilhara Fernando and Lasith Malinga

Pune Warriors India (PWI)

Angelo Mathews

Royal Challengers Bangalore (RCB)

Nuwan Pradeep and Thilakaratne Dilshan

මෙන්න මේව තමයි ශ්‍රී ලංකාවෙ ක්‍රීඩකයන් නොමැති කණ්ඩායම්:


Delhi Daredevils (DD)

Kings XI Punjab (KXIP)

Kolkata Knight Riders (KKR)

Rajasthan Royals (RR)

මම ගියපාර Mumbai Indians ඇරුනම බොක්කෙං චියර් කරපු අපෙ ප්‍රිටී අක්කගෙ Kings XI Punjab ටීම් එකේ මේ පාර එක ලංකාවෙ පොරක් වත් නැති එක මාර අප්සට් එක. වර්ල්ඩ් කප් එක දැක්කම නං ප්‍රිටී අක්කට හිතෙන්න ඇති තියෙන සබ්බ සකලමනාවම උගස් තියල හරි මහේලයි, සංගයි, යුවී වයි ආපහු ටීම් එකට ගත්ත නං කියලා!

අනාදිමත්කාලෙක ඉඳං Mumbai Indiansලට චියර් කළාට, ටීම් 10ක් 6කම අපේ අය ඉන්න නිසයි, ඒකෙං දෙකකම නායකයො අපේ එවුං නිසයි මේපාර චියර් කිරීම ගැන මට මාර අර්බුදේකට මූණ දෙන්න වෙලා තියෙන්‍නේ. ඒ උනාට ඕන කලාබරයක් කියලා මම වර්ල්ඩ්කප් එකට ගැහුව වගේ “Cheering Table” එකක් මේපාර IPL එකටත් ගැහුවා.

තව විශේෂ සඳහනක් කරනවා නම්, මේපාර වර්ල්ඩ් කප් එකේ දස්කම් දක්වපු නෙදර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩක Ryan ten Doeschate ව Kolkata Knight Riders විසින් තම කණ්ඩායමට එක් කරගෙන තිබෙනවා! ඒක මාර විදියට අගය කරන්න ඕන වැඩක්. මොකද නෙදර්ලන්තේ ක්‍රිකට් දියුණුවට පුංචි හරි තල්ලුවක් ඒකෙං ලැබෙයි කියල හිතන්න පුළුවං.

යතුර:

චියර් කළ කණ්ඩායම ජයග්‍රහණය කළ අවස්ථා.
චියර් කළ කණ්ඩායම පරාජය වුනු අවස්ථා.
කිසිදු කණ්ඩායමකට චියර් නොකළ අවස්ථා.
ප්‍රතිඵලයක් රහිත හෝ ජය-පරාජයෙන් තොර තරග.

 

# දිනය කණ්ඩායම් චියර් කරන්නේ ප්‍රතිඵලය
01 08/04 CSK v KKR CSK CSK ට ලකුණු 2ක ජයක්
02 09/04 DC v RR DC RR ට කඩුළු 8ක ජයක්
03 09/04 KTK v RCB KTK RCB ට කඩුළු 6ක ජයක්
04 10/04 DD v MI MI MI ට කඩුළු 8ක ජයක්
05 10/04 PWI v KXIP PWI PWI ට කඩුළු 7ක ජයක්
06 11/04 KKR v DC DC KKR ට ලකුණු 9ක ජයක්
07 12/04 RR v DD -/DD RR ට කඩුළු 6ක ජයක්
08 12/04 RCB v MI MI MI ට කඩුළු 9ක ජයක්
09 13/04 KXIP v CSK CSK KXIP ට කඩුළු 6ක ජයක්
10 13/04 PWI v KTK KTK PWI ට කඩුළු 4ක ජයක්
11 14/04 DC v RCB DC DC ට ලකුණු 33ක ජයක්
12 15/04 RR v KKR -/KKR KKR ට කඩුළු 9ක ජයක්
13 15/04 MI v KTK KTK KTK ට කඩුළු 8ක ජයක්
14 16/04 CSK v RCB CSK CSK ට ලකුණු 21ක ජයක්
15 16/04 DC v KXIP DC KXIP ට කඩුළු 8ක ජයක්
16 17/04 PWI v DD PWI DD ට කඩුළු 3ක ජයක්
17 17/04 KKR v RR -/KKR KKR ට කඩුළු 8ක ජයක්
18 18/04 KTK v CSK KTK KTK ට කඩුළු 7ක ජයක්
19 19/04 DD v DC DC DC ට ලකුණු 16ක ජයක්
20 19/04 RCB v RR RCB තරගය අත්හැර දැමිනි
21 20/04 MI v PWI MI MI ට කඩුළු 7ක ජයක්
22 20/04 KKR v KTK KTK KTK ට ලකුණු 6ක ජයක්
23 21/04 KXIP v RR KXIP KXIP ට ලකුණු 48ක ජයක්
24 22/04 KKR v RCB RCB RCB ට කඩුළු 9ක ජයක්
25 22/04 MI v CSK CSK MI ට ලකුණු 8ක ජයක්
26 23/04 DD v KXIP KXIP DD ට ලකුණු 29ක ජයක්
27 24/04 DC v MI DC MI ට ලකුණු 37ක ජයක්
28 24/04 RR v KTK KTK RR ට කඩුළු 8ක ජයක්
29 25/04 CSK v PWI CSK CSK ට ලකුණු 25ක ජයක්
30 26/04 DD v RCB RCB RCB ට කඩුළු 3ක ජයක්
31 27/04 PWI v CSK CSK CSK ට කඩුළු 8ක ජයක්
32 27/04 KTK v DC - DC ට ලකුණු 55ක ජයක්
33 28/04 DD v KKR - KKR ට ලකුණු 17ක ජයක්
34 29/04 RR v MI MI RR ට කඩුළු 7ක ජයක්
35 29/04 RCB v PWI RCB RCB ට ලකුණු 26ක ජයක්
36 30/04 KTK v DD KTK DD ට ලකුණු 38ක ජයක්
37 30/04 KKR v KXIP KXIP KKR ට කඩුළු 8ක ජයක්
38 01/05 RR v PWI PWI RR ට කඩුළු 6ක ජයක්
39 01/05 CSK v DC DC CSK ට ලකුණු 19ක ජයක්
40 02/05 MI v KXIP MI MI ට ලකුණු 23ක ජයක්
41 02/05 DD v KTK KTK KTK ට කඩුළු 7ක ජයක්
42 03/05 DC v KKR DC
43 04/05 CSK v RR CSK
44 04/05 PWI v MI MI
45 05/05 KTK v KKR KTK
46 05/05 DC v DD DC
47 06/05 RCB v KXIP RCB
48 07/05 KKR v CSK CSK
49 07/05 MI v DD MI
50 08/05 RCB v KTK KTK
51 08/05 KXIP v PWI PWI
52 09/05 RR v CSK CSK
53 10/05 DC v PWI DC
54 10/05 KXIP v MI MI
55 11/05 RR v RCB RCB
56 12/05 CSK v DD CSK
57 13/05 KTK v KXIP KTK
58 14/05 RCB v KKR RCB
59 14/05 MI v DC DC
60 15/05 KXIP v DD KXIP
61 15/05 KTK v RR KTK
62 16/05 PWI v DC PWI
63 17/05 KXIP v RCB RCB
64 18/05 CSK v KTK KTK
65 19/05 PWI v KKR PWI
66 20/05 MI v RR MI
67 21/05 KXIP v DC DC
68 21/05 DD v PWI PWI
69 22/05 RCB v CSK CSK
70 22/05 KKR v MI MI
71 24/05 Qualifier 1:
1st v 2nd
72 25/05 Eliminator:
3rd v 4th
73 27/05 Qualifier 2:
Eliminator Winner
v
Qualifier 1 Losser
74 28/05 Final:
Qualifier 1 Winner
v
Qualifier 2 Winner

*** “මේපාරත් IPL බලනවද?” ***

*** … ***

The post IPL 2011 appeared first on Budhajeewa's Blog.


Sri Lanka(/n) Premier Leage: සංවිධානය

$
0
0

ඉතිං, කතාව ඇත්තක්; ලංකාවෙ අන්තර් පළාත් T20 තරගාවලිය අළුත් වාණිජ හිතකාමී මුහුණුවරකින් මේපාර එන්නයි යන්නේ. හැබැයි ඉතිං තරගාවලි සංවිධානෙ නං කිසිම විවෘත බවක් නෑ. Daily Mirror එකේ නං ලිපි කීපයක් පළ වෙනවා මම දැක්කා. ඒ ඇරෙන්න වෙන කිසිම ප්‍රකාශයක් නෑ. කණ්ඩායම් නම් හා ඒවායෙ ලාංඡන මොනවද කියන එකත් බොහෝ දෙනා දැනගත්තෙ ඒව නිර්මාණය කරපු ආයතනයේ වෙබ් අඩවියේ පළ වුනු නිසා! නමුත් ඒකෙවත් තරගාවලියෙ ලාංඡනය ගැන කිසිම තොරතුරක් නෑ! මේ ලිපියෙ මාතෘකාවෙ “Sri Lanka(/n) Premier League” කියල දාල තියෙන්නේ තරගාවලියෙ නම කෙටියෙං SLPL කියල කීවට, ඒකෙ අදහස “Sri Lanka Premier League” ද එහෙම නැත්තං “Sri Lankan Premier League” ද කියල ෂුවර් නැති නිසා. ශ්‍රී ලංකා අන්තර් පළාත් T20 තරගාවලියෙ වාණිජ හිමිකම අවුරුදු 5කට මිළදී ගත්තය කියන ඉන්දියානුවන්ට හිමි, සිංගප්පූරුවෙ පිහිටල තියන Somerset Entertainment Ventures ලගෙ මාධ්‍ය භාවිතාවෙ හැටි ඒකෙංම පැහැදිළියි! මුංට ප්‍රේක්‍ෂකයො මේක ගැන දැනුවත් කරන්න ඕන නැද්ද මන්දා!!

ජුලි 15 පටං ගන්නව කියල තැං තැං වල කතා උනාට, තරග කාල සටහනක් තවම නෑ! පෝස්ට් එකේ මුල් පින්තූරෙ ප්‍රශ්නාර්ථයක් දාල තියෙන්නේ, හරිනං එතනට තරගාවලියෙ ලාංඡනය දාන්න ඕන නමුත්, දැනට නොයෙකුත් වෙබ් අඩවි හරහා සංසරණය වන නිල ලාංඡනය කියල කියන පින්තූර දෙකෙන් මොකක් හරිද නැත්තං හරි එක ඒ දෙකම නෙවේද කියල ෂුවර් නැති නිසා. …

Continue Reading: http://sociolead.com/language/english/sri-lankan-premier-leage-සංවිධානය/

The post Sri Lanka(/n) Premier Leage: සංවිධානය appeared first on Budhajeewa's Blog.

Google+ සහ Facebook |අයියා මල්ලී වාගේ අයියා මල්ලී…

$
0
0

Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී...Google ගේ නවතම සමාජ ජාලයක් නිර්මාණය කිරීමේ උත්සාහය වන Google+ මේ වන විට එම ක්‍ෂේත්‍රයේ දැවැන්තයා වන Facebook ට අභියෝගයක් එල්ළකරන එකක් බවයි ‍බොහෝ දෙනාගේ අදහස. නමුත් මගේ අදහස නම් ඔවුන් දෙදෙනා යන්නේ එකම දිශාවකටද වුවත්, ගමනේ ගමනාන්තයක් නැති නිසාත් දෙදෙනා යන්නේ වෙන වෙනම මාර්ග දෙකක නිසාත් මොවුන් එකිනෙකාට තර්ජනයක් නොවී – සහයෝගය කෙසේ වෙතත් – එකම අඩවියේ සුව සේ වාසය කරන්නට මොවුන් දෙදෙනාටම හැකියාව ඇති බවයි.

මගේ ඒ අදහසේ ප්‍රධාන හේතුසාධකය තමයි මම ඉහතින් දක්වලා තිබෙන විදියට මොවුන් දෙදෙනා එකම දිශාවකට වුවත් මාර්ග දෙකක යාම. මුලින් බලන විට අපට පෙනෙන්නේ මොවුන් දෙදෙනාම තරග කරන්නේ එකම ක්‍ෂේත්‍රයක, මොවුන් දෙදෙනාගේම ඉලක්කගත පරිශීලකයන් පිරිස එකමයි. ඉතින් කොහොමද මොවුන් දෙදෙනා මාර්ග දෙකක යනවාය කියන්නේ?

Facebook යනු මිතුරු පාදක සමාජ ජාලයකි.

අපේ සමහරු කොහොම Facebook පාවිච්චි කළත්, එය නිර්මාණය වෙලා තියෙන්නේ අපි දැනටමත් සත්‍ය ජීවිතයේදී දන්නා සහ මාර්ගගත ජීවිතයේ වුවත් හොඳම විශ්වාසයක් ඇති මිතුරන් සමග එකී මිත්‍රත්වය දුරස්ථව පිහිටීමක සිට වුවද තවදුරටත් පවත්වාගෙන යාමට උදවු දීම සඳහා. මා පෙරදී ලියූ “[Advice] Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them” ලිපියේ පැහැදිළි කළ අන්දමට ඇතමුන් කරන්නාක්මෙන් “මිතුරන් සොයාගැනීම”  සඳහා නිර්මිත සේවාවක් නොවේ Facebook යන්න.

Facebook විසින් ලබාදෙන Photo Albums, Wall, Notes, Groups, Events, Pages ආදී මෙකී නොකී සේවාවන් සියල්ලම තිබෙන්නේ පෙර කියූ දන්නා හඳුනන මිතුරන් සමග මිත්‍රත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන තොරතුරු හුවමාරු කරගැනීම සඳහා. ඔබ Facebook හිදී සම්බන්ධ වන්නේ දැනටමත් දන්නා විශ්වාසීන් සමග වීම නිසයි බොහොමයක් ඔබේ පෞද්ගලික තොරතුරු ඔබේ ප්‍රොෆයිලය වෙත ඇතුලත් කිරීමට ඔවුන් ඉඩකඩ ලබා දෙන්නේ.

යමෙක් තවෙකෙකුට “Friend Request” එකක් යැවීමෙන් පසු ලබන්නා එය අනුමත කරන තෙක් Facebook නැවතී බලා සිටිනවා යැවූ තැනැත්තාට ලබන්නාගේ ප්‍රොෆයිලයේ වැඩිමනත් තොරතුරු දර්ශනය කිරීම සඳහා.

Google+ යනු අන්තර්ගත පාදක සමාජ ජාලයකි.

මුලින් සමාජ ජාලය ආරම්භ කර පසුව තොරතුරු හුවමාරු පහසුකම් ඒ වෙත එක් කළ Facebook මෙන් නොව, Google සතුව පුළුල් වපසරියක පැතිරෙන තොරතුරු හුවමාරු සේවා සමූහයක් කළෙක පටන් තිබුනා. උදාහරණයක් විදියට Blogger, Picasa (මේ දෙකම Google+ ව්‍යාපෘතිය යටතේ පිළිවෙලින් Google Blogs හා Google Photos ලෙස ප්‍රතිනම් කිරීමට නියමිතයි.), GMail හා Buzz දක්වන්නට පුළුවන්. අසාර්ථක ව්‍යාපෘතියක් වූ Google Waveගේ තත්කාලීන යාවත්කාලකෙරුම්ද Google+ හිදී දැකගන්නට පුළුවන්. 

Google+ යන්න තනි වාක්‍යයකින් හඳුන්වනවා නම් “දැනටම පවත්නා Google සේවාවන් මතට සමාජ ජාල ස්ථරයක් එක් කිරීම.” ලෙස දක්වන්නට පුළුවන්.

එතනදී ඕනෑම කෙනෙකුට ඔබව ඔවුන්ගේ Circles වෙත ඇතුලත් කරගන්නට පුළුවන්. ඔබේ අනුමැතිය එනතෙක් ඔවුන්ට බලා සිටීමට සිදු වන්නේ නැහැ. එය පරිශීලකයන් සම්බන්ධ කිරීම පිළිබඳව Twitter අනුගමනට කරන පියවරට සමානයි. හේතුව තමයි Google+ තුලින් ඔබගේ අතිශය පෞද්ගලික තොරතුරු හුවමාරු කිරීමට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. Google Photos වෙත ඔබේ පෞද්ගලික පින්තූර එකතුවක් සැකසුවත් එය ඔබට, තෝරාගත් Circles වලට හෝ තෝරාගත් මිතුරන්ට පමණක් පෙනෙන පරිදි සකස් කර ඔවුන්ටත් එය බෙදාහදාගැනීමේ හැකියාව (Sharing) නැති කරන්නට පුළුවන්. පෞද්ගලිකව මම නම් බොහෝ දුරට Google+ හරහා හුවමාරු කරන්නේ Public – එනම් Google+ හි සියළුම පරිශිලකයන්හට – මට්ටමේ පෙනෙන පරිදි හුවමාරු කළ හැකි තොරතුරු පමණයි. පරිශීලකයන්ට Twitter හි කටයුතු කරනවාක් මෙන්ම නිදහසේ Google+ හි කටයුතු කරන්නට පුළුවන්. 

ඉතින් මෙන්න මේ කාරණය නිසායි Facebook සහ Google+ එකම දිශාවට වුවත් මාර්ග දෙකක යනවාය, ඒ නිසා දෙන්නාට “අයියා මල්ලී වාගේ” ඉන්න පුළුවන්ය කියා මා කියන්නේ. ඔබේ අදහසත් දක්වන්න අමතක කරන්න එපා!

The post Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී… appeared first on Budhajeewa's Blog.

The 6th Day |මම නොවෙයි මම

$
0
0

The 6th Dayක්ලෝනකරණය හෙවත් එක් ජීවියෙකුට ශරීරාංගයන්ගෙන් සර්ව සමාන තවත් ජීවියකු නිෂ්පාදනය කිරීමේ හැකියාව ජෛව විද්‍යාව මේ වන විට අත්පත් කරගෙන ඇති වටිනා හැකියාවක්. සාධනීය ලක්‍ෂණ දරන මුල් ජීවියෙකුගේ පිටපත් රාශියක් නිර්මාණය කරගත හැකි නම්, පශු සම්පත් කර්මාන්තය වැන ක්‍ෂේත්‍රවල දකින්නට ලැබිය හැකි ප්‍රගතිය ඉතාම ඉහළයි. නමුත් මානවයා සම්බන්ධයෙන්ද ක්ලෝනකරණය යොදාගැනීම සමාජයීය ගැටළු රැසකට පාදක වන්නක්. “The 6th Day” නම් වන චිත්‍රපටයෙන් සාකච්ඡා කෙරෙන්නේ සාමාන්‍ය ජනතාවට රහසින් පවත්වාගෙන යන මානව ක්ලෝනකරණ ව්‍යාපෘතියක් නිසා ඇති වන ගැටළුකාරී තත්වයක්.

කම්මැලි කමේ ඊයේ හවස කරන්න දෙයක් නැතුව ඉන්නකොට හිතුනා චිත්‍රපටියක් බලන්න තිබුන නං හොඳයි කියලා. megavideomovies.net පැත්තේ ගිහිං චිත්‍රපටි ටික එහාට මෙහාට පෙරල පෙරල හොඳ එකක් තෝරගන්න බැරුව ඉන්නකොට තමයි මේ The 6th Day හමු උනේ.

චිත්‍රපටයේ දැක්වෙන 2015 වර්ෂය ක්ලෝනකරණ තාක්‍ෂණයෙන් ලෝකය කෙළපැමිණිලා හමාරයි. සතුන් සම්පූර්ණයෙන්මත් මිනිස් අවයවත් ක්ලෝනකරණය බහුලව සිදු වෙන මේ කාලයේ මිනිසුන් සම්පූර්ණයෙන් ක්ලෝනකරණය නීති මගින් තහනම් කරලායි තියෙන්නේ. සියළුම ක්ලෝනකරණයන් නවත්වන්න යැයි උද්ඝෝෂණය කරන්නන් මෙන්ම මානව ක්ලෝනකරණයද නීතිගතකරගන්නට වෙර දරන්නන්ද මේ ලෝකයේ අඩුවක් නැහැ. නමුත් බහුතර ජනතාව සතුන්, මානව අවයව ක්ලෝනකරණය අගය කරන අතරම මිනිසුන් සම්පූර්ණයෙන්ම ක්ලෝනකිරීම තහනම් කිරීමටත් එකඟයි.

Adam Gibson (Arnold Schwarzenegger) කියන්නේ ඔහුගේ මිතුරා වන Hank Morgan (Michael Rapaport) සමග පෞද්ගලික හෙලිකොප්ටර් සේවාවක් පවත්වාගෙන යන්නෙක්. සංචාරකයන් පිරිසක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව පිනිස කඳුවැටියකට ඇරලවා එන අතරේ Hank යම් පුද්ගලයෙකු අතින් ඝාතනයට ලක් වෙනවා.

මේ සිද්ධිය පිළිබඳව නොදන්නා Adam තම දියණියට බෝනික්කෙකුත් රැගෙන තම නිවස බලා යන්නේ එදින නිවසේ සූදානම් කර ඇති තම උපන්දින උත්සවයටද සහාභාගී වීමටද බලාපොරොත්තු වන අදහසින්. නමුත් නිවස වෙත යන ඔහුට දක්නට ලැබෙන්නේ තමන් වැනිම තවත් පුද්ගලයෙකු දැනටමත් නිවසේ උපන්දිනය සමරමින් ඉන්නා බවයි!

යම්කිසි පිරිසකගේ ඝාතන තැතකින් මිදීමටත් Adamට මේ අතරවාරයේදී සිදු වනවා.

කරුණු කාරණා මේ අයුරින් පෙළ ගැසෙන විට Adamට සිතාගන්නට අපහසු වන්නේ නැහැ මිනිසුන් ක්ලෝනකිරීමේ ව්‍යාපෘතියක් සියල්ලන්ටම හොරෙන් සිදු වෙමින් පවතින බව.

ක්ලෝනකරණය ආශ්‍රිත සේවා රැසක් සපයන ආයතනයක් විසින් ඇතැම් රෝගාබාධ ආදියෙන් පෙලෙන්නන්ට ඔවුනේ එක් සිරුරක් මරණයට පත් වූ පසු ඒ ජීවිතයේ මතකයන් සියල්ලත් සමගම “බාගෙට-රෙඩිමේඩ්” සිරුරු අදාළ පාරිභෝගිකයාගේ DNA ඇසුරින් ඔවුන්ගේ සිරුර බවටම පත් කර ඉන්පසු මතකය එයට “upload”කර, ජීවිතයට දිගුවක් ලබා දීමට කටයුතු කරනවා.

කිසි දිනක එවන් සැලසුමක් මිලදී නොගනිපු Adam ගේ ක්ලෝනයක් නිර්මාණය වන්නේ ඔවුන් විසින් හිම මත ලිස්සා යාමේ ක්‍රිඩාව සඳහා ගෙන ගොස් ඇරලූ පුද්ගලයාගේ මරණය වසන් කිරීම සඳහායි. ඝාතකයා හෙලිකොප්ටරයේ සිටි සියල්ලන්ම ඝාතනය කළ අතර අදාළ සමාගම සිතා සිටියේ හෙලිකොප්ටරයේ නියමුවා ලෙස කටයුතු කළේ Hank නොව Adams බවයි. එමනිසා Adams මියගොස් ඇතැයි සිතූ සමාගම ඔහුගේද ක්ලෝනයක් නිර්මාණය කළ නිසායි අවුල ඇති වී ඇත්තේ.

කෙසේ හෝ තම ක්ලෝනය සමග මිතුරු වන Adam යම් සිද්ධිය වසන් කිරීම සඳහා පැහැරගෙන ගිය තම පවුලේ සාමාජිකයන් නිදහස් කරගැනීමට සටන් කරනවා. ඒ අතරතුරදී දැනගැනීමට ලැබෙනවා සත්‍ය ක්ලෝනය නම් අනෙකා නොව තමාම බව!

කෙසේ හෝ දුෂ්ඨයා පරදා වීරයා ජය ගන්නා නිමාවක් චිත්‍රපටයට ලබා දෙමින් Adam විසින් අදාළ සමාගමේ DNA දත්ත තැන්පතුව විනාශ කරනවා. අවසන් ජවනිකාවේදී ක්ලෝනය සත්‍ය Adamගේ හෙලිකොප්ටර් දෙකෙන් එකක් රැගෙන තමාගේම හෙලිකොප්ටර් සේවාවක් ඇරඹීම සඳහා වෙනතකට යාමට නැව් නගිනවා.

කතාවේ මූලික ගැලීම තමයි ඔය ඉහළින් සඳහන් කරලා තියෙන්නේ. චිත්‍රපටය බැලීමෙන් තොරව සම්පූර්ණ අදහසක් ගන්න එයින් ඔබට බැරි නමුත් චිත්‍රපටයේ ප්‍රධාන කරුණු කිහිපයක් ගැන කතා කරන්නට ඉහත තොරතුරු ප්‍රමාණවත්.

චිත්‍රපටය සම්බන්ධයෙන් ගැටළු මතුවන එක් කාරණයක් තමයි එකම මොළය තිබූ පමණින් ජීවීන් දෙදෙනෙකු එක හා සමානව කටයුතු කරයිද යන්න, පෙර මතකයන් සම්පූර්ණයෙන් නව මොළයට ලබා දුන් පසුව වුවත් එය විය හැකිද?

තවත් කාරණයක් නම් චිත්‍රපටයේ දක්වන ආකාරයට “බාගෙට-රෙඩිමේඩ්” සිරුරු ‍තොග වශයෙන් නිශ්පාදනය කරගන්නේ කෙසේද යන්න. ඩොලී පවා ක්ලෝනයක් වුවත් ඉපදුනේ සාමාන්‍ය සත්‍වයෙක් ආකාරයට. වෙන වෙනම ශරීරාංග වවා අනතුරුව එකලස් කරනවා යැයි සිතන්නට බැරි, අන් කුමන පද්ධතියක් එසේ එකලස් කළත්, ස්නායු පද්ධතිය එකළස් කරන්නේ කෙසේදැයි සිතාගත නොහැකි නිසා. එමෙන්ම “බාගෙට-රෙඩිමේඩ්” මිනිස් සිරුරු වල මොළයක් තිබී වෙනත් කිසිම ක්‍රියාකාරී බවක් නැති වුනත් පරිවෘත්තිය ක්‍රියා සිදු වන බව සපයා ඇති ඔක්සිජන් හා අනෙකුත් නළ නිසා හිතන්නට පුළුවන්. සිතාගත නොහැකි ක්‍රමයකින් හෝ මතකයන් ආරෝපණය කළ පමණින් සිරුරක් සක්‍රීය කරන්නේ කොහොමද?

අනෙක් කරුණ, විනාඩි ගණනක් ඇතුලත “බාගෙට-රෙඩිමේඩ්” සිරුර පාරිභෝගිකයාගේ සිරුරේ හැඩය ගන්නේ කෙසේද? පාරිභෝගිකයාගෙන් ලබාගන්නා DNA ඇසුරින් ‍එසේ කරන බව කීවත්, අඩක් නිමවා ඇති සිරුරක් වෙනත් සැලසුමක් අනුව සකස් කරන්නේ කොහොමද?

එසේ කළත්, පාරිභෝගිකයාගේ වත්මන් වයසට සරිලන පෙනුම ගන්නේ කොහොමද?

The post The 6th Day | මම නොවෙයි මම appeared first on Budhajeewa's Blog.

ෆිල්ම් පිස්සුව

$
0
0

කාලෙකිං ෆිල්ම් එකක් බලන්න උනේ නැති හින්දා පහුගිය දවස් දෙක ඇතුලත ෆිල්ම් 6ක්ම බැලුවා.

* Memento (2000)
* Dinosaur (2000)
* Jurassic Park (1993)
* The Lost World: Jurassic Park (1997)
* Jurassic Park III (2001)
* Planet of the Apes (2001)

Memento (2000) කියන්නේ යම් අනතුරකින් පසුව තවදුරටත් මතකයන් නිර්මාණය කළ නොහැකි පුද්ගලයෙක් එම සිද්ධියට වගකිවයුත්තන් සෙවීම අරමුණ කරගෙන කටයුතු කරන්නේ කොහොමද කියන එක. නමුත් චිත්‍රපටයේ අවසානභාගය වෙනකොට ඔහු කෙරේ ඔබේ අනුකම්පාව භූමිකම්පාවක් වනු නිසැකයි.

දෙමළෙන් 2005දීත් හින්‍දියෙන් 2008දීත් නිර්මාණය වුනු Ghajini චිත්‍රපටය නිර්මාණය වුනේ මේ චිත්‍රපටයේ මූලික සංකල්පයෙන්. හැබැයි Ghajini සහ Memento සම්පූර්ණයෙන්ම වෙනස්. කලින් Memento ගැන අහන්න ලැබිලත් බැලුවේ නැත්තේ ඒක Ghajini වගේම ඇති කියලා හිතලා. නමුත් ඒක එහෙම නෙවෙයි.

කුඩා කාලයේදීම රංචුවෙන් වෙන්වී වඳුරන් සමූහයක් සමග ඇතිදැඩි වන ඩයිනෝසෝරයෙක්, පෘථිවියට එල්ළවන උල්කාපාත වර්ෂාවකින් අනතුරුව නව වාසභූමියක් සොයා යන ගමනේදී තවත් ඩයිනසෝර රංචුවකට එක්ව, ඔවුන්ව සාර භූමියක් කරා මග පෙන්වන ආකාරය Dinosaur (2000) චිත්‍රපටයේ දැක්වෙනවා.

Disney සමාගමේ ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටියක් වන මෙය නායකත්වය (දින විසි එකේ ක්‍ෂණික එක නොවේ.), කණ්ඩායම් හැඟීම, කරුණාව දයාව යන ගුණාංග ඉස්මතු කරනවා.

Dinosaur බැලුවාට පස්සේ මට මතක් වුනා ඩයිනසෝරයන් යන නම කියූ පමණින් සිහියට එන Jurassic Park චිත්‍රපටි මාලාව මම බලලා නැති විත්තිය. ඉතිං ඊළඟට කළේ ඒ තුනම එක දිගට බලපු එක. 

John Hammond ගේ InGen ආයතනය මගින් පොසිලගත මදුරුවන් තුළ තැන්පත්ව ඇති ඩයිනෝසර රුධිරයෙන් DNA උකහාගෙන ඒ ඇසුරින් ඩයිනෝසරයන්ව ප්‍රතිනිර්මාණය කර, ඔවුන්ව යොදා Isla Nublar දූපතේ සකස් කරන ලද උද්‍යානයේ ආරක්‍ෂාව පිළිබඳ සහතිකයක් ලබාදීම සඳහා එතුළ චාරිකාවකට එක් වන පිරිසට මුහුණ දෙන්නට වන අකරතැබ්බය මෙම චිත්‍රපට පෙළේ Jurassic Park (1993) නම් පළමු චිත්‍රපටයෙන් විස්තර වෙනවා.

InGen සමාගම විසින් Isla Sonar නම් දෙවන දූපතේ පවත්වාගෙන ගිය ඩයිනෝසර අභිජනන මධ්‍යස්ථානයක් කුණාටුවකින් ආපදාවට පත්වීමෙන් පසු අතහැර දැමීම නිසා මිනිස් වාසයකින් ‍තොර වූ දිවයිනේ ඩයිනෝසරයන් නිදහසේ දිවි ගෙවනවා. John Hammond ගෙන් පසුව InGen සමාගමේ ප්‍රධානීත්වයට පත් ඔහුගේ ඥාති පුත්‍රයෙක් සූදානම් වන්නේ එයින් සතුන් අල්ලාගෙන විත් ප්‍රධාන ගොඩබිමේ උද්‍යානයක් සාදා ඔවුන්ව ප්‍රදර්ශනය කරන්නටයි.

මෙයට විරුද්ධ වන Hammond, අදාළ වන දත්ත එකතු කිරීම සඳහා පසුගිය චාරිකාවට එක් වූ Ian Malcum ඇතුලු පිරිසක් දිවයිනට යවනවා. ඒ අතරතුර ඔහුගේ ඥාති පුත්‍රයා විසින් එවන කණ්ඩායමද සතුන් අල්ලාගෙන යාම සඳහා දිවයිනට එනවා.

කෙසේ හෝ The Lost World: Jurassic Park (1997) නම් දෙවන චිත්‍රපටයේදීත් නැවත වතාවක් පිරිසට සිදුවන්නේ ජීවිතය බේරාගැනීම සඳහා දිවයන්නටයි.

Jurassic Park III (2001) චිත්‍රපටය තුළ, කොස්ටාරිකානු රජය මගින් තහනම් කලාපයක් බවට පත් කර තිබෙන Islar Sonar දූපතට ආසන්න මුහුදේ parasail ක්‍රීඩාව සඳහා ගිය කුඩා ළමයෙකුහට අනතුරක් නිසා දිවයින තුළට ගොඩබසින්නට වෙනවා. ඔහුගේ දෙමාපියන් ඔහුව සොයාගැනීමේ අරමුණින් Allan Grantගේ සහයද ඇතිව දූපතට යන්නේ නැවත වතාවක් ජීවිතය අවධානමේ දමමින්.

Planet of the Apes (2001) චිතුපටයේදී, අභ්‍යවතාශයේ විද්‍යුත්චුම්භක අසාමාන්‍ය කලාපයක් හරහා ගමන් ගන්නා අභ්‍යවකාශගාමියෙකු අනතුරක් නිසා ගොඩ බසින්නේ මිනිසුන් වහල්භාවයේ තබාගෙන සිටිනා වානරයන්ගෙන් පිරි ලොවකටයි‍. කෙසේ හෝ ඔවුන්ගේ ග්‍රහනයෙන් මිදී ආපසු මවු යානයට එන්නට තැත් කරන ඔහුට අවබෝධ වන්නේ තමා පැමිණ ඇත්තේ අවකාශයේ මෙන්ම කාලයේද දුර ඈත ස්ථානයකට බවයි.

The post ෆිල්ම් පිස්සුව appeared first on Budhajeewa's Blog.

හැරි පොටර් – සියල්ල නිමයි from SocioLead

$
0
0

යුගයක නිමාව. මායාකරුවන්ගේ ලොවේ පමණක් නොව සැබෑ ලෝකයේද යුගයක නිමාව සනිටුහන් කරමින් ලෝකය පුරා සුවහසක් රසිකයන්ගේහද දිනූ හැරි පොටර් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය පසුගිය 15වන දින මහජන ප්‍රදර්ශනය ආරම්භ කළා. තමාගේ මව සහ පියා පමණක් නොව මායාකරුවන් මෙන්ම සාමාන්‍ය මිනිසුනුත් සිය දහස් ගණනක් මරා දමා “පිරිසිදු රුධිරයැති” මායාකරුවන් ලොව රජ කරවන්න‍ට වෙර දරන වොල්ඩ… අහ්, සමාවෙන්න, නම්-නොකළයුත්තා… එක්කෝ ඔන්න ඔහේ, වොල්ඩමෝට් පරදවන්නට සටන් වදින හැරි පොටර් නම් යොවුන් මායාකරුවා සහ ඔහුගේ මිතුරන් කෙරේ පාඨක ලෝකයා වසඟයට පත් වුනේ හොඳ සහ නරක අතර සටන පෙන්වන තවත් කතාවක් පමණක් බවට “හැරි පොටර්” පත් නොවූ නිසා වෙන්. …

Read the full post on SocioLead: http://sociolead.com/හැරි-පොටර්-සියල්ල-නිමයි

The post හැරි පොටර් – සියල්ල නිමයි from SocioLead appeared first on Budhajeewa's Blog.

Sanmark “වාර්ෂික annual trip චාරිකාව” 2011

$
0
0

අපෝ උපේ විබාගේ ඉවර වෙච්චි හැටියෙම මම අපේ ගයාන් තාරක ලොක්කාගේ රෙකමදාරුව පිට එතුමාත් වැඩ කරන Sanmark Solutions ආයතනෙට වැඩට ගියැයි කියලා ජංජාලේ බොහෝම සුවල්ප දෙනෙක් දන්නවා මයෙ හිතේ. මේ කියන්න ලැහැස්ති වෙන්නේ අපේ කස්ටිය මේ පාර ගියපු Sanmark “වාර්ෂික annual trip චාරිකාව” 2011 විස්තර. 
 

The "පසුපස ආසන ගැංසිය".
The "පසුපස ආසන ගැංසිය".

ගමනට අපේ ඔපීසියෙ කෝසල අයියා හෙවත් ලොක්කා සහ දෝනි අක්කා හෙවත් කෝසල අයියාගේ ප්‍රියම්භිකාවද, තිලිණ අයියා, මිස්ටර් රසික සහ මිස්ටර් ප්‍රසාද් යන තොම්සන් සහ තොම්සන්වරුද, රංග බ්‍රදර් අයියාද, ගයාන් තාරකද, අනුෂා අක්කාද, සුරේකා අක්කාද, තිලිණි අක්කාද, පියුමි හෙවත් “සිංගා අක්කා“ද සහභාගී විය. ඊට අමතරව කෝසලයියාගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ද, මිතුරන්ද කිහිප දෙනෙක්ම එකතු වුනු අතර ඒ අතුරින් සුරාවෙන් සූදුවෙන් මස් මාංශයෙන් තොර සත්ගුණවත් මිස්ටර් ධනූ සහ කෝසලයියාගේ ලොකු අයියාගේ පුත්තරයා වන සදීප මෙන්ම සුරේකා අක්කාගේ මලයාද විසේසයෙන්ම සිහි කළ යුතු අතර ඒ ඔවුන් අපගේ පසු පස ආසන ගැන්සියේ සාමාජිකයන් වූ බැවිනි (රජයේ අවවාදය: බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේළි වලිනි.).

පාහියංගල12 වෙනිද උදේ කෝසල අයියලැයි ගෙදෙට්ට එකතු වුනු කස්ටිය බස්සෙකේ නැගලා බටපොල – ඇල්පිටිය – පිටිගල – මතුගම හරහා ගියේ බුලත්සිංහල. ඒ කෝසල අයියගෙ අයිය කෙනෙක්ගෙ ගෙදර. එහෙං උදේට කාලා ගියේ පාහියංගලට. ගල්ලෙන ඇතුලට ගිහිල්ලා බැස්සා කැනීම් කරපු ස්ථානෙට. පස් ස්ථරෙන් ස්ථරේ පහලට බහිනවා කියන්නේ අවුරුදු දහස් ගණනෙන් දහස් ගණන අතීතයට යනවා වගේ වැඩක්. 

රත්නපුර මහ සමන් දේවාලයපාහියංගල බලාකියාගෙන ආපහු බුලත්සිංහල ඇවිත් එතනිං ගියේ පානදුර – රත්නපුර මාර්ගෙට. එතනිං කෙලිංම විද්දා රත්නපුරට යනකං. රත්නපුර මහ සමන් දේවාලෙට ගිහිං පඬුරුත් දාගෙන මිරිස් දාපු අඹත් කෑවා. ඊළඟට අපි ගියේ බෝපත් ඇල්ලට. එතනිං නාලා එතන තියාගෙනම දවල්ට කෑවා. අපරාදෙ කියන්න බෑ පැය දෙකක් විතර වතුරෙ ඉඳලා කන්න ගත්තම කතෑකි යකෙක් උනත්! කෑම ටික ගෙනත් දුන්නේ ලොක්කගෙ යාළුවො දෙන්නෙක්. අපරාදෙ කියන්න බෑ අපේ ලොක්ක නං යන පැති වල ඉන්න යාළුවන්ට හොඳවයිං දඩ ගහ ගහ ගියේ. ඒ මිනිස්සු ඒ පැති අතෑරලා යන්න කතාවෙනවා අපි අහගෙන. ;)

බෝපත් ඇල්ල

වතුරෙ ඉඳල වැඩි වෙලාද මන්දා නාහෙ අස්පට් වෙලා හෙම්බිලිස්සාව හැදෙන්න ආව නිසා අවධානමට පෙර සූදානම කියලා අයිස්කිලිං කෑවා බෙහෙත් හැටියට. ඒක කාල ටික වෙලාවකිං අර නාහෙ අස්පට්ටෙක නැති උනා.

කැලෑ ගෙදර

BBQඑතනිං කෙලිංම බැස්සේ උඩවලවට. උඩවලවට කිවුවට එදා රෑ නිවාඩු නිකේතනේක නැවතිලා ඉඳලා පස්සෙන්ද උදේ පාක් එකට යන්නයි සැලසුම් කරල තිබුනේ. නැවතුනේ “කැලෑ ගෙදර“ කියන ප්ලේස් එකේ. ඒ පැත්තට යනවනං නවතින්න හොඳ තැන. එදා හවස කස්ටිය පොඩි BBQ පාරක් දැම්මා.

පස්සෙන්දා උදේ හයට විතර සෆාරි ජීප්ස් 3ක් අපි නැවතිලා හිටිය ප්ලේස් එකට ආවත් බවලත් උදවියට පිං සිද්ද වෙන්න අපි හත විතර වෙනකොට ගමන පටං ගත්තා. නැවතුනු තැන ඉඳලා වනෝද්‍යානෙට ටිකක් දුර යන්න ඕන. ඒ යන පාර උඩවලව වැව් බැම්ම උඩිනුත් වැටිලායි තියෙන්නේ. හුලං ඩිංග වැදීගෙන ඒක උඩිං එන ගමන මරු මරු!

වනෝද්‍යානෙට ඇතුලුවෙන තැන ඉදං තොප්පි විකුණන අයියගෙං තොප්පියක් ගන්න අමතක කරන්න එපා!

උඩවලව අලිවනෝද්‍යානෙ ඇතුලෙ සුපිරි! අලිං රංචු බර ගණනක් මග දිගට අපිට හම්බ උනා. අපිව දැක්කම ටිකක් විතර තරහ ගියපු රංචු වගේම අපිව සත පහකට ගණං ගන්නෙ නැති රංචුත් හිටියා.

අපිත් එක්ක ගියපු ජීප් වලින් එකක් මඩේ එරිලා ඒක අපි ගියපු ජීප් එකෙං ඇදපු එකත් හොඳ අත්දැකීමක්. 

අලින්ට අමතරව උකුස්සන් සහ උංගේ කූඩුත් කිහිප වතාවක්ම බලාගත්තා. වැව ආශ්‍රිත ජීවත් වෙන පක්‍ෂීන් මෙන්ම එකම එක කිඹුලෙකුගේ හිසත් පිටත් බලාගත්තා. ඈතින් එකම එක මුව රංචුවක් දැකබලාගන්නත් පුළුවන් උනා. අපේ ගම් වලත් ඉන්න මොනරු නං දැකලම එපා උනා. කට්ටියම කැලේ මැද්දේ එළිපහලියට තියන තැනක ගල් තලාවක් උඩ ඉඳගෙන තමයි උදේට කෑම කෑවේ.

ම“ගේ“ අම්මියෝ!!!

පැය හතරක්-පහක් පාක් එක ඇතුලෙ ඉඳලා ආපහු සැරයක් ආවා නැවතිලා හිටපු තැනට. ජීප්ස් 2ක් ආපහු යවලා (අනිත් ජීප් එක නැවතිලා හිටපු ප්ලේස් එකට අයිති එකක්.) බස් එකෙං ආපහු ගියේ ඇත් අතුරු සෙවනට. අපි එතනට යනකොට අලි පැටවුන්ට කිරි දෙන වෙලාව. කස්ටිය ලස්සනට ඇවිත් කිරි බීලා යනවා. මදි වෙලා අඬන අය නැත්තෙමත් නෑ. හැබැයි මගේ අවධානෙ යොමු වුනේ නං එතන වෙච්චි විශේෂ සිද්ධියකට.

අලි බබ්බු

ඔක්කොම පැටවු ඇවිත් කිරි බීලා ගියාට, කිරි පොවන හරියට ඇවිදං ආපු එක් පැටියෙක් කිරි බොන්න යන්නෙ නැතිව පැත්තකට ගියා. තවත් ගොඩක් දෙනෙක් ඇවිත් කිරි බීලා ගියත් එයා නෙවෙයි කිරි බොන්න ඉදිරිපත් උනේ. අනිත් ඔක්කොම දෙනාට කිරි පොවලා කිරි ගෙනාපු බැරල් ටිකත් උස්සං යනකං බලං හිටපු ඒ පැටියා අනිත්මට අනිත් අයත් එක්ක ආපහු ගියා. ඌට මොකක් හරි හිතේ අමාරුවක් තියෙන්න ඇති සමහර විට – “මට ඕන නෑ බොලැයි කෑම. බොලාගෙං කාල ජීවත් වෙනවට වඩා හොඳයි බඩගින්නෙ ඉඳල මැරිල යනවා!“.

ආපහු සැරයක් නැවතිලා හිටපු තැනට ඇවිත් කෑම කාලා ඊළඟට යන්නම පිටත් වුනා. ඒ අපේ ඊළඟ නැවතුම වුනු ඇඹිලිපිටිය චන්‍ද්‍රිකා වැවට.

එතනත් ගිහිල්ලා නාලා ගොඩට එනකොට අපේ ඩීජේ තාරාට පොඩි ඇලර්ජික් එකක් මතු වෙලා. ඒ ගමන ඇඹිලිපිටිය ටවුන් එකේ හොස්පිට්ල් එකකට ගිහිල්ලා මෑන්ට සේලයිනුත් දීලා තමයි එන්න පිටත් වුනේ.

කස්ටිය ඊළඟට එන්න අදහස් කළේ අපේ ගෙදර. ඇඹිලිපිටිය – මිද්දෙණිය – වලස්මුල්ල හරහා හක්මණට. කස්ටියට බීම ටිකක් එහෙම සූදානම් කරලා තිබුනේ. ඒ උනාට මිද්දෙණිය හරියෙ ඉඳංම අම්බානක වැස්ස. ඒ වැස්සෙ කස්ටියට බැහැලා එන්න අමාරුයි කියපු නිසා කෝසල අයියයි අක්කයි මායි බැහැල ඇවිත් සූදානං කරල තිබුනු කෑම ඩිංගයි බීමයි බස් එකට ගෙනිහිං දුන්නා. මම එතනිං නැවතුනා.

Sanmark "වාර්ෂික annual trip චාරිකාව" 2011

Update 2011-11-17-0630:

If you are a friend of mine in Facebook, you can view all 1085 photos in following albums:

The post Sanmark “වාර්ෂික annual trip චාරිකාව” 2011 appeared first on Budhajeewa's Blog.

ඉරි තැළුණු වළා…| Song of These Days

$
0
0

ඉරි තැළුණු වළා...| Song of These Daysමේ සිංදුව නං ඇහුනෙ ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න ගමං වෑර්ලැස්සෙකේ. කලිං අහල තිබුනත් මේපාර තමයි හිත ගියේ. සිංදුව කියන්නෙ අමරසිරි පීරිස්.

ඉරි තැළුණු වළා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිවු දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටවමින්

වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී
නොරෑවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා

ඉරි තැළුණු වළා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිවු දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටවමින්

රිය පෙළේ කිරුළ හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රෑළි වැටීලා
කහ ඉරත් රෑළි වැටීලා

ඉරි තැළුණු වළා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිවු දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටවමින්

ඉරි තැළුණු වළා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ

The post ඉරි තැළුණු වළා… | Song of These Days appeared first on Budhajeewa's Blog.


ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාව

$
0
0

ඊයෙ, ඒ කියන්නෙ 19 වෙනිදා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ කැඳවීමකට අනුව රටේ විවිධ පෙදෙස් හා විවිධ ක්‍ෂේත්‍රයන් නියෝජනය කරන පිරිසක් දිවා භෝජනයකට එක් වුනා. එක්වීමේ අරමුණ උනේ රටේ තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම නිසා, කැඳවන ලද පිරිසේ පොදු සාධකය උනේ සක්‍රීය අන්තර්ජාල භාවිතය කියන එකයි. හමුව සංවිධානය කළේ “සිහි සටහන්“ ලියන චානුක වත්තේගම මහතා.

(පින්තූරය “තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts).” වෙතිනි.)

හමුව පිළිබඳ සාරාංශයක් චානුක මහතා Facebook Status Update එකක් ලෙස එක් කර තිබුනේ මෙසේයි:

“බ්ලොග්/වෙබ් අවකාශයේ ක්‍රියාකාරී තරුණ පිරිසකට අද ජනාධිපති ලේකම් හා විදිලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග මහතා දිවා භෝජනයකට ඇරැයුම් කොට තිබුණා. මේ හමුව පැය තුනකට වැඩි කාලයක දීර්ඝ සංවාදයක් බවට පත්වුණු අතර තරුණ පරපුර, තොරතුරු තාක්ෂණය භාවිතය, තොරතුරු තාක්ෂණය තුළින් විරැකියාවට පිළියම් සෙවීම යනාදී කාරණා රාශියක් ගැන අප කථා කළා. මා සමඟ මේ හමුවට එක් වුනේ Supun Sudaraka, Supun Buddy Budhajeewa, Isuru Senevirathna, Sahen Sandesh, Aruna Chaminda හා Malinda Prasad. Udara Dharmasena අපට එකතු වීමට සිටියත් අවසාන මොහොතේ කාර්යාලීය කටයුත්තක් නිසා ඔහුට එක් විය හැකි වුණේ නැහැ. Supun Buddy Budhajeewa හා Malinda Prasad ජාතික වශයෙන් වැදගත්කමක් ඇති යෝජනා ගණනාවක් කළා. තොරතුරු හා සන්නිවේද තාක්ෂණ ආයතනයේ රෙෂාන් දේවපුරද මේ හමුවට එක්වුණා.

කලින් ලැයිස්තුවට සඳරු Chinthaka Sandaruwan Jayawickrama එකතු විය යුතුයි. වීරතුංග මහතාට විශේෂයෙන්ම හමුවීමට අවශ්‍යව තිබුණේ සඳරුව. ඒ ඔහුද සඳරුගේ “හිස් අහස” බ්ලොග් එකෙහි පාඨකයෙක් නිසා.“

මා විසින් මෙහිදී සඳහන් කරන්නට යෙදුනේ අන්තර්ජාලය හරහා විවිධ සේවා සපයන තනි පුද්ගලයන්ට මෙන්ම කුඩා පරිමාණයේ ආයතන වලටද විශාල ගැටළුවක් වී ඇති, PayPal හරහා ශ්‍රී ලංකාවට ගෙවීම් ගෙන්වා ගත නොහැකි වීමේ ගැටළුවයි. එය සම්බන්ධව සොයා බලා පියවරක් ගැන්නා බව වීරතුංග මහතා ප්‍රකාශ කළා. අපි බලාපොරොත්තු වෙමු හැකි ඉක්මනින් මේ පිළිබඳව විසඳුමක් අප හට ලැබෙයි කියා.

එමෙන්ම මා රාජකාරි කරන ස්ථානය වන Sanmark Solutionsහි කටයුතු සිදුවන ආකාරය, එනම් සේවාදායකයන් සොයාගන්නා ආකාරයත්, ව්‍යාපෘති කෙරෙන ආකාරයත් මා එහිදී විස්තර කළා. හමුවේදී මතුවූ විරැකියාව කෙරෙහි තොරතුරු තාක්‍ෂණය ආශ්‍රිත විසඳුම් යන මාතෘකාවට සම්බන්ධවයි එකී කරුණු ඉදිරිපත් කළේ. එකී කරුණු දායක කරගෙන යම් පියවරක් ඔවුන් ගන්නේ නම් සතුටු විය හැකියි.

The post ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාව appeared first on Budhajeewa's Blog.

ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම.

$
0
0

PayPalForSriLanka

PayPal යනු කුමක්ද?

PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය.

අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

ගැටළුව

ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු අයෙකුගෙන් මුදල් ලබාගැනීම කළ නොහැකිය.

මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් – එනම් PayPal භාවිතයෙන් – සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වැන්නන්ගෙන් සේවා ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.).

තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී ඇත.

දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගනිමින් PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.

ගැටළුවට හේතුව

ඉහත සඳහන් ගැටළුවට හේතුව ශ්‍රී ලාංකික ලිපිනයන් යොදාගනිමින් තනන PayPal ගිණුම් සඳහා මුදල් ලබාගැනීමේ හැකියාව PayPal විසින් අහිමි කර තිබීමයි. එයට PayPal විසින් දක්වන හේතුව පහත දැක්වේ:
“Why does my PayPal account have only send capabilities?

Members in some countries and regions may only use PayPal to send payments and not receive payments due to the complexities of global finance. We are constantly working to improve services for you and hope to expand our features for you in the future.

You can view the countries with send only capabilities under the Send Money to Anyone in the Growing PayPal Network on the PayPal Worldwide (https://www.paypal.com/cgi-bin/webscr?cmd=_display-approved-signup-countries-outside) page.“ -

https://www.paypal.com/helpcenter/main.jsp;jsessionid=g2N6PMrCFxyfQQbJZ6j21v12yTw5xqPd1Mb1dxNG11nhGHjHY1y7!2075623774?locale=en_US&_dyncharset=UTF-8&countrycode=LK&cmd=_help&serverInstance=9002&t=solutionTab&ft=browseTab&ps=solutionPanels&solutionId=11811&isSrch=Yes

ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාල කිරීමට අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වී ඇත.

විසඳීම

ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාල කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසකි.

  • eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම.
  • සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම.
  • ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම.
  • තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.

විසඳන මග.

PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc.ආයතනයේ උප ආයතනයකි.ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ ය.

PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි:

  1. ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම.
  2. ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.

ඔබේ සහය දක්වන්න

The post ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම. appeared first on Budhajeewa's Blog.

“Infortec International”–තවත් හොරිකඩ අධ්‍යාපන හොර කඩයක්!

$
0
0

අම්මාගේ අභාවයෙන් පසු තාත්තාත් මමත් දැන් ජීවත් වන්නේ තාත්තාගේ මවගේ නිවසේය. එයට හේතුව සතියේ දින පහ මා රැකියාව කරන ස්ථානයේ නැවතී සිටීම නිසා තාත්තාට එම දින පහ තනිවම ගෙදර සිටීමට සිදුවන නිසාත්, වයෝවෘද්ධව පසුවන තාත්තගේ අම්මා බලාගැනීම ඇයගේ නිවසේ සිටිත්දී තාත්තාට කළ හැකි වන නිසාත්ය. එම හේතුව නිසා අපේ නිවස දැන් කලක පටන් ඇත්තේ වසා දමා ය.

අපගේ නිවසට පැමිණෙන ලියුම් ආදිය බාරගැනීම පවරා ඇත්තේ අසල්වැසි නිවසකටය. තැපෑලෙන් පැමිණෙන්නේ බිල් පමණක් නිසා එය ඔවුන්ටද, අපටද, ලියුම් බෙදන්නාටද පහසුවකි. ලියුම් බෙදන්නාව තාත්තා සහ අසල්වැසි නිවැසියන් හොඳින් අඳුරන නිසාද කිසිදු ගැටළුවක් පැණ නොනැගේ.

අද දින ඒ අසල්වැසි නිවසේ අංකල් තාත්තාට කතා කොට කීවේ “පුතාගේ නමට හදිසි ලියුමක් ලැබී ඇති” බවත්, ඉක්මනින් පැමිණ එය ගෙන යන ලෙසත් ය. උදෑසනද එ නිවසට ගොස් ලැබී තිබූ ලියුම් කිහිපයක් ගෙන විත් තිබුනද, ඇද හැළෙන්නට සූදානම් වන වැස්සක පෙර නිමිත මැදද මට නැවත එහි යාමට මට සිදු වුනේ එකී ලියුම “හදිසි” ලියුමක් බව සඳහන් කරන්නට යෙදුනු නිසයි.

මා එහි ගිය විගස මා අතට දෙන ලද ලියුමෙහි “විභාග ප්‍රවේශපත්‍රය” යැයි සඳහන් වීමෙන් මා පුදුමයට පත් වූයේ 2011 දී උසස් පෙළ අසමත් වීමෙන් පසු කිසිදු විභාගයක් සඳහා මා විසින් අයදුම් පත් යොමු කොට නොතිබුනු නිසයි! ඉන් අනතුරුවයි මා ලියුම් කවරයෙහි වූ ඉතිරි සංඥා රූප අවධානයට ගත්තේ: “Infortec International”, “BCS, ICDL, BIT”. ලියුම යොමු කරපු තැනැත්තාගේ මෑණියන්ට වතුර ලැබෙන්ට! වැස්සක පෙර නිමිති මධ්‍යයේ, වැස්සට හසුවීමේ බියෙන් වෙදනා මා ධාවනය කරන වේගය මෙන් දෙගුණයක වේගයෙන් මා පැමිණ ඇත්තේ සුනඛි පුත්‍රයෙකුගේ ස්පෑම් එකක් බලන්නයි!

ලියුම කඩා බැලූ පසුය තවත් විහිළු එළි වන්නට පටන් ගත්තේ. එතුළ ෆුල් සීරියස්ලි මුද්‍රණය කරන ලද “විභාග ප්‍රවේශ පත්‍ර”යක්, “නොමිලේ ලැප්ටොප් පරිගණකයක්” ලබාගැනීම සඳහා වන කූපනයක්, “මාස 6ක්ම පැය 24ම ඉංග්‍රීසියෙන් ජීවත්වීම” සඳහා වන කූපනයක්, හා ටැබ්ලොයිඩ් ප්‍රමාණයට මදක් කුඩා “රසවත්” කතා සපිරි පත්තර පුංචක් අඩංගු විය.

නැවත එන ගමනේදී මා හට සිදු වූයේ ධාරානිපාත වර්ෂාවෙන් බේරීම සඳහා තැන් පස් හයකම නැවති නැවතී එන්නටය!

මට ඇති එක් ගැටළුවක් නම්, ලියුම් කවරයක ඉදිරියේ “විභාග ප්‍රවේශපත්‍රය” වැනි ඕනෑම ලේබලයක් ගසා ලියුම් යවන්නට තැපැල් දෙපාර්තමේන්තුව ඉඩ දෙනවාද? මෙම ස්පෑමය එවා තිබුනේ ලියාපදිංචි තැපෑලේය. මෙවන් හොරිකඩ “අධ්‍යාපන” හොර කඩ “රාජ්‍ය සේවය පිනිසයි” යනුවෙන් ලියුම් එවන්නට පටන් ගන්නට තව කොතෙක් කල් ගත වේ ද?

අනෙක් ගැටළුව නම්, ජනතාවගේ ලිපිනයන් වැනි පෞද්ගලික තොරතුරු ලබාගන්නා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන විසින් එම තොරතුරු තුන්වැනි පාර්ශව වලට විකිණීමට එරෙහිව තවමත් නීති සම්පාදනය වී නැත්ද?

මෙන්න පින්තූර:










The post “Infortec International” – තවත් හොරිකඩ අධ්‍යාපන හොර කඩයක්! appeared first on Budhajeewa's Blog.

Sri Lanka(/n) Premier Leage: සංවිධානය

$
0
0

ඉතිං, කතාව ඇත්තක්; ලංකාවෙ අන්තර් පළාත් T20 තරගාවලිය අළුත් වාණිජ හිතකාමී මුහුණුවරකින් මේපාර එන්නයි යන්නේ. හැබැයි ඉතිං තරගාවලි සංවිධානෙ නං කිසිම විවෘත බවක් නෑ. Daily Mirror එකේ නං ලිපි කීපයක් පළ වෙනවා මම දැක්කා. ඒ ඇරෙන්න වෙන කිසිම ප්‍රකාශයක් නෑ. කණ්ඩායම් නම් හා ඒවායෙ ලාංඡන මොනවද කියන එකත් බොහෝ දෙනා දැනගත්තෙ ඒව නිර්මාණය කරපු ආයතනයේ වෙබ් අඩවියේ පළ වුනු නිසා! නමුත් ඒකෙවත් තරගාවලියෙ ලාංඡනය ගැන කිසිම තොරතුරක් නෑ! මේ ලිපියෙ මාතෘකාවෙ “Sri Lanka(/n) Premier League” කියල දාල තියෙන්නේ තරගාවලියෙ නම කෙටියෙං SLPL කියල කීවට, ඒකෙ අදහස “Sri Lanka Premier League” ද එහෙම නැත්තං “Sri Lankan Premier League” ද කියල ෂුවර් නැති නිසා. ශ්‍රී ලංකා අන්තර් පළාත් T20 තරගාවලියෙ වාණිජ හිමිකම අවුරුදු 5කට මිළදී ගත්තය කියන ඉන්දියානුවන්ට හිමි, සිංගප්පූරුවෙ පිහිටල තියන Somerset Entertainment Ventures ලගෙ මාධ්‍ය භාවිතාවෙ හැටි ඒකෙංම පැහැදිළියි! මුංට ප්‍රේක්‍ෂකයො මේක ගැන දැනුවත් කරන්න ඕන නැද්ද මන්දා!!

ජුලි 15 පටං ගන්නව කියල තැං තැං වල කතා උනාට, තරග කාල සටහනක් තවම නෑ! පෝස්ට් එකේ මුල් පින්තූරෙ ප්‍රශ්නාර්ථයක් දාල තියෙන්නේ, හරිනං එතනට තරගාවලියෙ ලාංඡනය දාන්න ඕන නමුත්, දැනට නොයෙකුත් වෙබ් අඩවි හරහා සංසරණය වන නිල ලාංඡනය කියල කියන පින්තූර දෙකෙන් මොකක් හරිද නැත්තං හරි එක ඒ දෙකම නෙවේද කියල ෂුවර් නැති නිසා. …

Continue Reading: http://sociolead.com/language/english/sri-lankan-premier-leage-සංවිධානය/

The post Sri Lanka(/n) Premier Leage: සංවිධානය appeared first on Budhajeewa's Blog.

Google+ සහ Facebook |අයියා මල්ලී වාගේ අයියා මල්ලී…

$
0
0

Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී...Google ගේ නවතම සමාජ ජාලයක් නිර්මාණය කිරීමේ උත්සාහය වන Google+ මේ වන විට එම ක්‍ෂේත්‍රයේ දැවැන්තයා වන Facebook ට අභියෝගයක් එල්ළකරන එකක් බවයි ‍බොහෝ දෙනාගේ අදහස. නමුත් මගේ අදහස නම් ඔවුන් දෙදෙනා යන්නේ එකම දිශාවකටද වුවත්, ගමනේ ගමනාන්තයක් නැති නිසාත් දෙදෙනා යන්නේ වෙන වෙනම මාර්ග දෙකක නිසාත් මොවුන් එකිනෙකාට තර්ජනයක් නොවී – සහයෝගය කෙසේ වෙතත් – එකම අඩවියේ සුව සේ වාසය කරන්නට මොවුන් දෙදෙනාටම හැකියාව ඇති බවයි.

මගේ ඒ අදහසේ ප්‍රධාන හේතුසාධකය තමයි මම ඉහතින් දක්වලා තිබෙන විදියට මොවුන් දෙදෙනා එකම දිශාවකට වුවත් මාර්ග දෙකක යාම. මුලින් බලන විට අපට පෙනෙන්නේ මොවුන් දෙදෙනාම තරග කරන්නේ එකම ක්‍ෂේත්‍රයක, මොවුන් දෙදෙනාගේම ඉලක්කගත පරිශීලකයන් පිරිස එකමයි. ඉතින් කොහොමද මොවුන් දෙදෙනා මාර්ග දෙකක යනවාය කියන්නේ?

Facebook යනු මිතුරු පාදක සමාජ ජාලයකි.

අපේ සමහරු කොහොම Facebook පාවිච්චි කළත්, එය නිර්මාණය වෙලා තියෙන්නේ අපි දැනටමත් සත්‍ය ජීවිතයේදී දන්නා සහ මාර්ගගත ජීවිතයේ වුවත් හොඳම විශ්වාසයක් ඇති මිතුරන් සමග එකී මිත්‍රත්වය දුරස්ථව පිහිටීමක සිට වුවද තවදුරටත් පවත්වාගෙන යාමට උදවු දීම සඳහා. මා පෙරදී ලියූ “[Advice] Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them” ලිපියේ පැහැදිළි කළ අන්දමට ඇතමුන් කරන්නාක්මෙන් “මිතුරන් සොයාගැනීම”  සඳහා නිර්මිත සේවාවක් නොවේ Facebook යන්න.

Facebook විසින් ලබාදෙන Photo Albums, Wall, Notes, Groups, Events, Pages ආදී මෙකී නොකී සේවාවන් සියල්ලම තිබෙන්නේ පෙර කියූ දන්නා හඳුනන මිතුරන් සමග මිත්‍රත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන තොරතුරු හුවමාරු කරගැනීම සඳහා. ඔබ Facebook හිදී සම්බන්ධ වන්නේ දැනටමත් දන්නා විශ්වාසීන් සමග වීම නිසයි බොහොමයක් ඔබේ පෞද්ගලික තොරතුරු ඔබේ ප්‍රොෆයිලය වෙත ඇතුලත් කිරීමට ඔවුන් ඉඩකඩ ලබා දෙන්නේ.

යමෙක් තවෙකෙකුට “Friend Request” එකක් යැවීමෙන් පසු ලබන්නා එය අනුමත කරන තෙක් Facebook නැවතී බලා සිටිනවා යැවූ තැනැත්තාට ලබන්නාගේ ප්‍රොෆයිලයේ වැඩිමනත් තොරතුරු දර්ශනය කිරීම සඳහා.

Google+ යනු අන්තර්ගත පාදක සමාජ ජාලයකි.

මුලින් සමාජ ජාලය ආරම්භ කර පසුව තොරතුරු හුවමාරු පහසුකම් ඒ වෙත එක් කළ Facebook මෙන් නොව, Google සතුව පුළුල් වපසරියක පැතිරෙන තොරතුරු හුවමාරු සේවා සමූහයක් කළෙක පටන් තිබුනා. උදාහරණයක් විදියට Blogger, Picasa (මේ දෙකම Google+ ව්‍යාපෘතිය යටතේ පිළිවෙලින් Google Blogs හා Google Photos ලෙස ප්‍රතිනම් කිරීමට නියමිතයි.), GMail හා Buzz දක්වන්නට පුළුවන්. අසාර්ථක ව්‍යාපෘතියක් වූ Google Waveගේ තත්කාලීන යාවත්කාලකෙරුම්ද Google+ හිදී දැකගන්නට පුළුවන්. 

Google+ යන්න තනි වාක්‍යයකින් හඳුන්වනවා නම් “දැනටම පවත්නා Google සේවාවන් මතට සමාජ ජාල ස්ථරයක් එක් කිරීම.” ලෙස දක්වන්නට පුළුවන්.

එතනදී ඕනෑම කෙනෙකුට ඔබව ඔවුන්ගේ Circles වෙත ඇතුලත් කරගන්නට පුළුවන්. ඔබේ අනුමැතිය එනතෙක් ඔවුන්ට බලා සිටීමට සිදු වන්නේ නැහැ. එය පරිශීලකයන් සම්බන්ධ කිරීම පිළිබඳව Twitter අනුගමනට කරන පියවරට සමානයි. හේතුව තමයි Google+ තුලින් ඔබගේ අතිශය පෞද්ගලික තොරතුරු හුවමාරු කිරීමට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. Google Photos වෙත ඔබේ පෞද්ගලික පින්තූර එකතුවක් සැකසුවත් එය ඔබට, තෝරාගත් Circles වලට හෝ තෝරාගත් මිතුරන්ට පමණක් පෙනෙන පරිදි සකස් කර ඔවුන්ටත් එය බෙදාහදාගැනීමේ හැකියාව (Sharing) නැති කරන්නට පුළුවන්. පෞද්ගලිකව මම නම් බොහෝ දුරට Google+ හරහා හුවමාරු කරන්නේ Public – එනම් Google+ හි සියළුම පරිශිලකයන්හට – මට්ටමේ පෙනෙන පරිදි හුවමාරු කළ හැකි තොරතුරු පමණයි. පරිශීලකයන්ට Twitter හි කටයුතු කරනවාක් මෙන්ම නිදහසේ Google+ හි කටයුතු කරන්නට පුළුවන්. 

ඉතින් මෙන්න මේ කාරණය නිසායි Facebook සහ Google+ එකම දිශාවට වුවත් මාර්ග දෙකක යනවාය, ඒ නිසා දෙන්නාට “අයියා මල්ලී වාගේ” ඉන්න පුළුවන්ය කියා මා කියන්නේ. ඔබේ අදහසත් දක්වන්න අමතක කරන්න එපා!

The post Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී… appeared first on Budhajeewa's Blog.

The 6th Day |මම නොවෙයි මම

$
0
0

The 6th Dayක්ලෝනකරණය හෙවත් එක් ජීවියෙකුට ශරීරාංගයන්ගෙන් සර්ව සමාන තවත් ජීවියකු නිෂ්පාදනය කිරීමේ හැකියාව ජෛව විද්‍යාව මේ වන විට අත්පත් කරගෙන ඇති වටිනා හැකියාවක්. සාධනීය ලක්‍ෂණ දරන මුල් ජීවියෙකුගේ පිටපත් රාශියක් නිර්මාණය කරගත හැකි නම්, පශු සම්පත් කර්මාන්තය වැන ක්‍ෂේත්‍රවල දකින්නට ලැබිය හැකි ප්‍රගතිය ඉතාම ඉහළයි. නමුත් මානවයා සම්බන්ධයෙන්ද ක්ලෝනකරණය යොදාගැනීම සමාජයීය ගැටළු රැසකට පාදක වන්නක්. “The 6th Day” නම් වන චිත්‍රපටයෙන් සාකච්ඡා කෙරෙන්නේ සාමාන්‍ය ජනතාවට රහසින් පවත්වාගෙන යන මානව ක්ලෝනකරණ ව්‍යාපෘතියක් නිසා ඇති වන ගැටළුකාරී තත්වයක්.

කම්මැලි කමේ ඊයේ හවස කරන්න දෙයක් නැතුව ඉන්නකොට හිතුනා චිත්‍රපටියක් බලන්න තිබුන නං හොඳයි කියලා. megavideomovies.net පැත්තේ ගිහිං චිත්‍රපටි ටික එහාට මෙහාට පෙරල පෙරල හොඳ එකක් තෝරගන්න බැරුව ඉන්නකොට තමයි මේ The 6th Day හමු උනේ.

චිත්‍රපටයේ දැක්වෙන 2015 වර්ෂය ක්ලෝනකරණ තාක්‍ෂණයෙන් ලෝකය කෙළපැමිණිලා හමාරයි. සතුන් සම්පූර්ණයෙන්මත් මිනිස් අවයවත් ක්ලෝනකරණය බහුලව සිදු වෙන මේ කාලයේ මිනිසුන් සම්පූර්ණයෙන් ක්ලෝනකරණය නීති මගින් තහනම් කරලායි තියෙන්නේ. සියළුම ක්ලෝනකරණයන් නවත්වන්න යැයි උද්ඝෝෂණය කරන්නන් මෙන්ම මානව ක්ලෝනකරණයද නීතිගතකරගන්නට වෙර දරන්නන්ද මේ ලෝකයේ අඩුවක් නැහැ. නමුත් බහුතර ජනතාව සතුන්, මානව අවයව ක්ලෝනකරණය අගය කරන අතරම මිනිසුන් සම්පූර්ණයෙන්ම ක්ලෝනකිරීම තහනම් කිරීමටත් එකඟයි.

Adam Gibson (Arnold Schwarzenegger) කියන්නේ ඔහුගේ මිතුරා වන Hank Morgan (Michael Rapaport) සමග පෞද්ගලික හෙලිකොප්ටර් සේවාවක් පවත්වාගෙන යන්නෙක්. සංචාරකයන් පිරිසක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව පිනිස කඳුවැටියකට ඇරලවා එන අතරේ Hank යම් පුද්ගලයෙකු අතින් ඝාතනයට ලක් වෙනවා.

මේ සිද්ධිය පිළිබඳව නොදන්නා Adam තම දියණියට බෝනික්කෙකුත් රැගෙන තම නිවස බලා යන්නේ එදින නිවසේ සූදානම් කර ඇති තම උපන්දින උත්සවයටද සහාභාගී වීමටද බලාපොරොත්තු වන අදහසින්. නමුත් නිවස වෙත යන ඔහුට දක්නට ලැබෙන්නේ තමන් වැනිම තවත් පුද්ගලයෙකු දැනටමත් නිවසේ උපන්දිනය සමරමින් ඉන්නා බවයි!

යම්කිසි පිරිසකගේ ඝාතන තැතකින් මිදීමටත් Adamට මේ අතරවාරයේදී සිදු වනවා.

කරුණු කාරණා මේ අයුරින් පෙළ ගැසෙන විට Adamට සිතාගන්නට අපහසු වන්නේ නැහැ මිනිසුන් ක්ලෝනකිරීමේ ව්‍යාපෘතියක් සියල්ලන්ටම හොරෙන් සිදු වෙමින් පවතින බව.

ක්ලෝනකරණය ආශ්‍රිත සේවා රැසක් සපයන ආයතනයක් විසින් ඇතැම් රෝගාබාධ ආදියෙන් පෙලෙන්නන්ට ඔවුනේ එක් සිරුරක් මරණයට පත් වූ පසු ඒ ජීවිතයේ මතකයන් සියල්ලත් සමගම “බාගෙට-රෙඩිමේඩ්” සිරුරු අදාළ පාරිභෝගිකයාගේ DNA ඇසුරින් ඔවුන්ගේ සිරුර බවටම පත් කර ඉන්පසු මතකය එයට “upload”කර, ජීවිතයට දිගුවක් ලබා දීමට කටයුතු කරනවා.

කිසි දිනක එවන් සැලසුමක් මිලදී නොගනිපු Adam ගේ ක්ලෝනයක් නිර්මාණය වන්නේ ඔවුන් විසින් හිම මත ලිස්සා යාමේ ක්‍රිඩාව සඳහා ගෙන ගොස් ඇරලූ පුද්ගලයාගේ මරණය වසන් කිරීම සඳහායි. ඝාතකයා හෙලිකොප්ටරයේ සිටි සියල්ලන්ම ඝාතනය කළ අතර අදාළ සමාගම සිතා සිටියේ හෙලිකොප්ටරයේ නියමුවා ලෙස කටයුතු කළේ Hank නොව Adams බවයි. එමනිසා Adams මියගොස් ඇතැයි සිතූ සමාගම ඔහුගේද ක්ලෝනයක් නිර්මාණය කළ නිසායි අවුල ඇති වී ඇත්තේ.

කෙසේ හෝ තම ක්ලෝනය සමග මිතුරු වන Adam යම් සිද්ධිය වසන් කිරීම සඳහා පැහැරගෙන ගිය තම පවුලේ සාමාජිකයන් නිදහස් කරගැනීමට සටන් කරනවා. ඒ අතරතුරදී දැනගැනීමට ලැබෙනවා සත්‍ය ක්ලෝනය නම් අනෙකා නොව තමාම බව!

කෙසේ හෝ දුෂ්ඨයා පරදා වීරයා ජය ගන්නා නිමාවක් චිත්‍රපටයට ලබා දෙමින් Adam විසින් අදාළ සමාගමේ DNA දත්ත තැන්පතුව විනාශ කරනවා. අවසන් ජවනිකාවේදී ක්ලෝනය සත්‍ය Adamගේ හෙලිකොප්ටර් දෙකෙන් එකක් රැගෙන තමාගේම හෙලිකොප්ටර් සේවාවක් ඇරඹීම සඳහා වෙනතකට යාමට නැව් නගිනවා.

කතාවේ මූලික ගැලීම තමයි ඔය ඉහළින් සඳහන් කරලා තියෙන්නේ. චිත්‍රපටය බැලීමෙන් තොරව සම්පූර්ණ අදහසක් ගන්න එයින් ඔබට බැරි නමුත් චිත්‍රපටයේ ප්‍රධාන කරුණු කිහිපයක් ගැන කතා කරන්නට ඉහත තොරතුරු ප්‍රමාණවත්.

චිත්‍රපටය සම්බන්ධයෙන් ගැටළු මතුවන එක් කාරණයක් තමයි එකම මොළය තිබූ පමණින් ජීවීන් දෙදෙනෙකු එක හා සමානව කටයුතු කරයිද යන්න, පෙර මතකයන් සම්පූර්ණයෙන් නව මොළයට ලබා දුන් පසුව වුවත් එය විය හැකිද?

තවත් කාරණයක් නම් චිත්‍රපටයේ දක්වන ආකාරයට “බාගෙට-රෙඩිමේඩ්” සිරුරු ‍තොග වශයෙන් නිශ්පාදනය කරගන්නේ කෙසේද යන්න. ඩොලී පවා ක්ලෝනයක් වුවත් ඉපදුනේ සාමාන්‍ය සත්‍වයෙක් ආකාරයට. වෙන වෙනම ශරීරාංග වවා අනතුරුව එකලස් කරනවා යැයි සිතන්නට බැරි, අන් කුමන පද්ධතියක් එසේ එකලස් කළත්, ස්නායු පද්ධතිය එකළස් කරන්නේ කෙසේදැයි සිතාගත නොහැකි නිසා. එමෙන්ම “බාගෙට-රෙඩිමේඩ්” මිනිස් සිරුරු වල මොළයක් තිබී වෙනත් කිසිම ක්‍රියාකාරී බවක් නැති වුනත් පරිවෘත්තිය ක්‍රියා සිදු වන බව සපයා ඇති ඔක්සිජන් හා අනෙකුත් නළ නිසා හිතන්නට පුළුවන්. සිතාගත නොහැකි ක්‍රමයකින් හෝ මතකයන් ආරෝපණය කළ පමණින් සිරුරක් සක්‍රීය කරන්නේ කොහොමද?

අනෙක් කරුණ, විනාඩි ගණනක් ඇතුලත “බාගෙට-රෙඩිමේඩ්” සිරුර පාරිභෝගිකයාගේ සිරුරේ හැඩය ගන්නේ කෙසේද? පාරිභෝගිකයාගෙන් ලබාගන්නා DNA ඇසුරින් ‍එසේ කරන බව කීවත්, අඩක් නිමවා ඇති සිරුරක් වෙනත් සැලසුමක් අනුව සකස් කරන්නේ කොහොමද?

එසේ කළත්, පාරිභෝගිකයාගේ වත්මන් වයසට සරිලන පෙනුම ගන්නේ කොහොමද?

The post The 6th Day | මම නොවෙයි මම appeared first on Budhajeewa's Blog.

ෆිල්ම් පිස්සුව

$
0
0

කාලෙකිං ෆිල්ම් එකක් බලන්න උනේ නැති හින්දා පහුගිය දවස් දෙක ඇතුලත ෆිල්ම් 6ක්ම බැලුවා.

* Memento (2000)
* Dinosaur (2000)
* Jurassic Park (1993)
* The Lost World: Jurassic Park (1997)
* Jurassic Park III (2001)
* Planet of the Apes (2001)

Memento (2000) කියන්නේ යම් අනතුරකින් පසුව තවදුරටත් මතකයන් නිර්මාණය කළ නොහැකි පුද්ගලයෙක් එම සිද්ධියට වගකිවයුත්තන් සෙවීම අරමුණ කරගෙන කටයුතු කරන්නේ කොහොමද කියන එක. නමුත් චිත්‍රපටයේ අවසානභාගය වෙනකොට ඔහු කෙරේ ඔබේ අනුකම්පාව භූමිකම්පාවක් වනු නිසැකයි.

දෙමළෙන් 2005දීත් හින්‍දියෙන් 2008දීත් නිර්මාණය වුනු Ghajini චිත්‍රපටය නිර්මාණය වුනේ මේ චිත්‍රපටයේ මූලික සංකල්පයෙන්. හැබැයි Ghajini සහ Memento සම්පූර්ණයෙන්ම වෙනස්. කලින් Memento ගැන අහන්න ලැබිලත් බැලුවේ නැත්තේ ඒක Ghajini වගේම ඇති කියලා හිතලා. නමුත් ඒක එහෙම නෙවෙයි.

කුඩා කාලයේදීම රංචුවෙන් වෙන්වී වඳුරන් සමූහයක් සමග ඇතිදැඩි වන ඩයිනෝසෝරයෙක්, පෘථිවියට එල්ළවන උල්කාපාත වර්ෂාවකින් අනතුරුව නව වාසභූමියක් සොයා යන ගමනේදී තවත් ඩයිනසෝර රංචුවකට එක්ව, ඔවුන්ව සාර භූමියක් කරා මග පෙන්වන ආකාරය Dinosaur (2000) චිත්‍රපටයේ දැක්වෙනවා.

Disney සමාගමේ ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටියක් වන මෙය නායකත්වය (දින විසි එකේ ක්‍ෂණික එක නොවේ.), කණ්ඩායම් හැඟීම, කරුණාව දයාව යන ගුණාංග ඉස්මතු කරනවා.

Dinosaur බැලුවාට පස්සේ මට මතක් වුනා ඩයිනසෝරයන් යන නම කියූ පමණින් සිහියට එන Jurassic Park චිත්‍රපටි මාලාව මම බලලා නැති විත්තිය. ඉතිං ඊළඟට කළේ ඒ තුනම එක දිගට බලපු එක. 

John Hammond ගේ InGen ආයතනය මගින් පොසිලගත මදුරුවන් තුළ තැන්පත්ව ඇති ඩයිනෝසර රුධිරයෙන් DNA උකහාගෙන ඒ ඇසුරින් ඩයිනෝසරයන්ව ප්‍රතිනිර්මාණය කර, ඔවුන්ව යොදා Isla Nublar දූපතේ සකස් කරන ලද උද්‍යානයේ ආරක්‍ෂාව පිළිබඳ සහතිකයක් ලබාදීම සඳහා එතුළ චාරිකාවකට එක් වන පිරිසට මුහුණ දෙන්නට වන අකරතැබ්බය මෙම චිත්‍රපට පෙළේ Jurassic Park (1993) නම් පළමු චිත්‍රපටයෙන් විස්තර වෙනවා.

InGen සමාගම විසින් Isla Sonar නම් දෙවන දූපතේ පවත්වාගෙන ගිය ඩයිනෝසර අභිජනන මධ්‍යස්ථානයක් කුණාටුවකින් ආපදාවට පත්වීමෙන් පසු අතහැර දැමීම නිසා මිනිස් වාසයකින් ‍තොර වූ දිවයිනේ ඩයිනෝසරයන් නිදහසේ දිවි ගෙවනවා. John Hammond ගෙන් පසුව InGen සමාගමේ ප්‍රධානීත්වයට පත් ඔහුගේ ඥාති පුත්‍රයෙක් සූදානම් වන්නේ එයින් සතුන් අල්ලාගෙන විත් ප්‍රධාන ගොඩබිමේ උද්‍යානයක් සාදා ඔවුන්ව ප්‍රදර්ශනය කරන්නටයි.

මෙයට විරුද්ධ වන Hammond, අදාළ වන දත්ත එකතු කිරීම සඳහා පසුගිය චාරිකාවට එක් වූ Ian Malcum ඇතුලු පිරිසක් දිවයිනට යවනවා. ඒ අතරතුර ඔහුගේ ඥාති පුත්‍රයා විසින් එවන කණ්ඩායමද සතුන් අල්ලාගෙන යාම සඳහා දිවයිනට එනවා.

කෙසේ හෝ The Lost World: Jurassic Park (1997) නම් දෙවන චිත්‍රපටයේදීත් නැවත වතාවක් පිරිසට සිදුවන්නේ ජීවිතය බේරාගැනීම සඳහා දිවයන්නටයි.

Jurassic Park III (2001) චිත්‍රපටය තුළ, කොස්ටාරිකානු රජය මගින් තහනම් කලාපයක් බවට පත් කර තිබෙන Islar Sonar දූපතට ආසන්න මුහුදේ parasail ක්‍රීඩාව සඳහා ගිය කුඩා ළමයෙකුහට අනතුරක් නිසා දිවයින තුළට ගොඩබසින්නට වෙනවා. ඔහුගේ දෙමාපියන් ඔහුව සොයාගැනීමේ අරමුණින් Allan Grantගේ සහයද ඇතිව දූපතට යන්නේ නැවත වතාවක් ජීවිතය අවධානමේ දමමින්.

Planet of the Apes (2001) චිතුපටයේදී, අභ්‍යවතාශයේ විද්‍යුත්චුම්භක අසාමාන්‍ය කලාපයක් හරහා ගමන් ගන්නා අභ්‍යවකාශගාමියෙකු අනතුරක් නිසා ගොඩ බසින්නේ මිනිසුන් වහල්භාවයේ තබාගෙන සිටිනා වානරයන්ගෙන් පිරි ලොවකටයි‍. කෙසේ හෝ ඔවුන්ගේ ග්‍රහනයෙන් මිදී ආපසු මවු යානයට එන්නට තැත් කරන ඔහුට අවබෝධ වන්නේ තමා පැමිණ ඇත්තේ අවකාශයේ මෙන්ම කාලයේද දුර ඈත ස්ථානයකට බවයි.

The post ෆිල්ම් පිස්සුව appeared first on Budhajeewa's Blog.


හැරි පොටර් – සියල්ල නිමයි from SocioLead

$
0
0

යුගයක නිමාව. මායාකරුවන්ගේ ලොවේ පමණක් නොව සැබෑ ලෝකයේද යුගයක නිමාව සනිටුහන් කරමින් ලෝකය පුරා සුවහසක් රසිකයන්ගේහද දිනූ හැරි පොටර් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය පසුගිය 15වන දින මහජන ප්‍රදර්ශනය ආරම්භ කළා. තමාගේ මව සහ පියා පමණක් නොව මායාකරුවන් මෙන්ම සාමාන්‍ය මිනිසුනුත් සිය දහස් ගණනක් මරා දමා “පිරිසිදු රුධිරයැති” මායාකරුවන් ලොව රජ කරවන්න‍ට වෙර දරන වොල්ඩ… අහ්, සමාවෙන්න, නම්-නොකළයුත්තා… එක්කෝ ඔන්න ඔහේ, වොල්ඩමෝට් පරදවන්නට සටන් වදින හැරි පොටර් නම් යොවුන් මායාකරුවා සහ ඔහුගේ මිතුරන් කෙරේ පාඨක ලෝකයා වසඟයට පත් වුනේ හොඳ සහ නරක අතර සටන පෙන්වන තවත් කතාවක් පමණක් බවට “හැරි පොටර්” පත් නොවූ නිසා වෙන්. …

Read the full post on SocioLead: http://sociolead.com/හැරි-පොටර්-සියල්ල-නිමයි

The post හැරි පොටර් – සියල්ල නිමයි from SocioLead appeared first on Budhajeewa's Blog.

2014 වෙත ආපසු හැරී බැලීම

$
0
0

දවස් තුන්සිය හැට පහකුයි තව චුට්ටකුයි සම්පූර්ණ වෙලා ගිරිගෝරිස් කැලැන්ඩරේට අනුව අළුත් අවුරුද්දක් උදා උනා. අමතක වෙලා තිබුනු බ්ලොගේ අළු දූලි පොඩ්ඩක් විතර ගසලා ඉයර්ලි රිවීව් එකක් කොරානං හොඳා කියලා හිතුනා.

කොහොමටත් නිව් ඉයර් ඉස්ක්‍රීං රෙසොලූසං එකක් හැටියට — ගිය අවුරුද්දෙ වගේම මේ පාරත්  — හිතාගත්තා පොඩ්ඩ පොඩ්ඩ හරි මේකෙ මක්කහරි කොටල යන්න.

ගිය අවුරුද්දෙ කොරපුව කියපුව කීපයක් පිළිවෙලක් නැතුව මතකෙට එන නිසා, ලියල දැම්මනං හොඳයි.

MataraTV වාර්ෂික ඇනුවල් ට්‍රිප් චාරිකාව

ගොඩක් කාලයක් තිස්සෙ හිතං හිටපු දෙයක් තමයි අපේ Team|RCMweb එකේ හිටපු සාමාජිකයො ටිකත් එක්ක කොහේ හරි ට්‍රිපක් යන්න ඕන කියන එක. අවුරුදු ගානක් තිස්සේ තිබ්බ ඒ අදහස සඵල උනේ තව පොඩි එක්ස්ටෙන්ෂන් එකකුත් එක්ක. රාහුලේ වෙබ් ටීම් එකේ හිටපු මම, ඉරෝෂාන්, උදිත්, සහ සෂේන් ඇරුණාම අයිටී ක්ලබ් එකේ හිටපු පමල් වගේම සැන් තෝමස් ගියපු අපේ ප්‍රබෝධයාත් ඉන්න නිසා තවදුරටත් ඒකට Team|RCMweb කියන්න බෑ. අපි සේරම ඊළඟට අහුවෙන පොදු කුලකේ MataraTV එක නිසා ඒ නමිං අපේ ගමන ගියා.

දවස් දෙකක් තිස්සේ නුවර එළිය, හෝටන් තැන්න පැත්තේ කරක්ගහපු අපි හය දෙනාගේ සහ ඩ්‍රැයිවර් අංකල් ගේ ට්‍රිප් එක නිසා වැටහුනු දෙයක් තමයි විසි තිස් ගණන් නැතුව අතේ — අත් දෙකේ — ඇඟිලි ගානට කස්ටිය යන ට්‍රිප් වල අමුතුම රසයක් තියනව කියන එක. මහා පරිමාණ ට්‍රිප් වල රසයත් මරු, මේකත් මරු.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියවීම

ජනප්‍රිය වෙච්ච ටීවී සීරීස් එකේ පොත් ටික (A Song of Ice and Fire) කියවන්න පටන් ගත්තා. මේ වෙනකොට පළමු සහ දෙවන පොතත්, තෙවන පොතේ පළමු කොටසත් (පළමු කොටස වෙනම පොතක්!) කියවල ඉවරයි. මේ වන විට තෙවන පොතේ දෙවන කොටස කියවමින් පවතිනවා.

මම මේක වැඩිපුර කියවන්නේ කියවන්න හම්බ වෙන්නේ සඳුද උදේට ගෙදර ඉඳං වැඩට එන අතරතුරත්, ආපහු සිකුරාද හවස ගෙදර යන ගමනුත් බස් එකේදි නිසා බොහොම හෙමින් තමයි කියවිම සිද්ද වෙන්නේ. කොහොම නමුත් GRRM සීයා ඊළඟ පොත එළියට දාන්න කලිං මේ තියන පොත් ටික කියෝල ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා.

පොත් ටික ගෙන්න ගත්තේ සරසවි පොත් සාප්පුවෙ වෙබ් සයිට් එකෙං. ඕඩර් කරලා දවස් හතරක් පහක් ඇතුලත පොත තැපෑලෙම එන නිසා, සර්විස් චාජස් දාන දෙසීය ගාන කේස් එකක් නෑ. උංගෙ සයිට් එකේ පොඩි පොඩි කචල් අහු උනාට සමස්ථයක් ලෙස සේවාව සතුටු දායකයි.

ගමේ රොටී කඩේ රොටී කන්න යාම

අපේ ගමේ (මාතර) අළුතෙන් රොටී කඩයක් දාලා Pizza Hut කියලා. එහෙම ඕපං කොරාම නොයා හොඳ නැති නිසා ඉරෝෂාන්ටයි, උදිත්ටයි, සෂේන්ටයි, සහන්ටයි, තඹරුටයි, ප්‍රබෝධටයි කතා කොලා රොටී කන්න යන්න. එදාම ඉතිං සෂේන්ට වෙන ගමනක් සැට් උනා, උදිතයාට උණ ගැනුනා, ඉරෝලැයි අහට යාළුවො සැට් එකක් එනවැයි කිවුවා. අන්තිමට මමයි, ප්‍රබෝධයි, තඹරුයි, සහනුයි ගිහිං රොටි කෑවා.

අපේ ගමටත් ඉතිං රොටි කඩයක් ආපු එක හොඳයි. තව අඩු “පප්පගෙ කුකුල් කඩේ” සහ “තඩි ඇම් අකුර” විතරයි. පප්පගෙ කුකුල් කඩේ අල්ලපු ගමේ දාල තියන නිසා වැඩි දොහක් නොයා ඒවි මයෙ හිතේ.

ගිය අවුරුද්දෙ බලපු ටීවී සීරීස් ටික

වැම්පයර් ඩයරීස්, දි ඔරිජිනල්ස්, බිග් බෑන්ග් තියරි, ගේම් ඔෆ් ත්‍රෝන්ස්, සිලිකන් වැලි, ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ්, ද හන්ඩ්‍රඩ් කියන සීරීස් ටික බැලුවා.

වැම්පයර් ඩයරීස්නං දැං තිත්ත වෙලා තියෙන්නේ, යකෝ මැරෙන මැරෙන හැම එකාටම කෝම හරි පණ දෙන්න පුළුවං නං මැරෙනවයි කියන එකේ තියන වේට් එක අඩු වෙලා ෂෝ එක ඇල් වතුර වගේ වෙනවයි කියල ඕක හදන එවුංට තේරෙන්නෙ නැද්ද කොහෙද. බැඳගත්තු බෙරේ ගහනවා ඉතිං. ඒකෙ ස්පින් ඕෆ් එකක් වෙච්ච දි ඔරිජිනල්ස් නං හොඳා, ඒකටත් කෙළවයිද මන්දා ඒ උනාට.

සිලිකන් වැලි කියන්නෙ සිලිකන් වැලියේ ස්ටාටප් එකක් ගෙනියන සෙට් එකකගේ කතාව. අයිටී ගීක් කෙනෙක් නං බැලිය යුතුමයි. කොමඩියක් උනාට අපිට ඉගන ගත හැකි දේවල් තියනවා. සිලිකන් වැලියේ කල්චර් එක ගැන පොඩි හරි අදහසක් ගත්තෑකි නිසා වටිනවා!

සමහරු ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් එකට බනනිවා දැක්කා. ඒ උනාට මාවල් සිනමැටික් යුනිවර්ස් එක ෆලෝ කරන කෙනෙක් නං මේක අනිවා බැලිය යුතුයි කියලයි මම හිතන්නේ. චිත්‍රපටි සහ මේක අතරේ ප්ලොට් ඩිවයිසස් ෂෙයා වෙනවා.

බිග් බෑන්ග් තියරි, ගේම් ඔෆ් ත්‍රෝන්ස්, ද හන්ඩ්‍රඩ් ගැන ඉතිං කියන්න දෙයක් නෑ නෙ!

ලරාවල් සහ ඇන්ගියුලර් ජේ ඇස් ඉගන ගැනීම

පහුගිය අවුරුද්දෙදි මම රැකියාව කරන ක්‍ෂේත්‍රයට අදාළව සිද්ද උනු වැදගත්ම දේ තමයි ඔය දෙක ඉගන ගැනීම. දැන් ලරාවල් වලින් බයක් හැකක් නැතුව ප්‍රොජෙක්ට් එකක් ගොඩ දාගත්තෑකි! පී ඇච් පී වලට බැන බැන ඉඳපු පොරවල් වලට දැන් කියන්න තියෙන්නේ “දැං තියෙන්නේ කිරි අප්පොච්චිගෙ කාලේ පී ඇච් පී නෙවෙයි ය, ලරාවල් නුත් එක්ක පී ඇච් පී ට්‍රයි කරල බලන්නය” කියල තමයි.

ඉස්සර ෆ්‍රේම්වර්ක් කියන වචනෙටත් බයවෙලා “ලැන්ග්වේච් එක විතරක් ඉගන ගත්ත නං මදෑ එතන ඉඳං ඔක්කොම කොරන්න පුළුවන් නේ!” කියලා හිතං හිටියෙ මොන මෝඩ කමකිංද කියලා දැං හිතෙනවා. ඒක හරියට ගිට් ඉගන ගත්තට පස්සේ “ගිට් නැතුව මෙච්චර කල් කෝඩ් කළේ කොහොමද අප්පේ?!” කියල හිතුන වගේ දෙයක්.

ඇන්ගියුලර් ජේ ඇස් තවම හන්ඩ්‍රඩ් පර්සෙන්ට් බැරි උනාට, යන මග දැන් දනී. නොදන්න මග හොයාගෙන යතෑකි. 2015 දි මේක කෙළ පැමිණෙන්න බලාපොරොත්තු වෙනෝ.

ලොක්කාට ලිනක්ස් බෝ කිරීම සහ ඔපීසියේ සියළු මැසින් වලට උබුන්ටු ලිනක්ස් දැමීම

මේකත් එක සංදිස්ථානයක්. අපේ ලොක්කා වන කෝසල අයියාට කොහොම හරි ලිනක්ස් උන බෝ උනා. ඉස්සෙල්ලම ප්‍රයිවට් ලැපේ උබුන්ටු දාගෙන ටික කලක් ට්‍රයි කළ ලොක්කා ඊළඟට ඔපීසියෙ සියළුම මැසින් වල උබුන්ටු දාන්න තීරණේ කලා, හැබැයි රන්දිකගේ මැසිමට ඇර — මෑන් ලිනක්ස් මින්ට් වලට කැමති නිසා උගේ එකේ මින්ට් දාගත්තා, අවුලක් නෑ, පොත්ත විතරනෙ වෙනස්.

හිටපු ගමන් කස්ටියට පොඩි පොඩි ප්‍රස්න ආවත් හැමෝම දැන් ටික ටික හුරු වෙමින් පවතින්නේ.

මගේ ලිනක්ස් භාවිතාවට දැන් අවුරුදු හයකටත් වැඩියි මයෙ හිතේ!

එච්චරයිද කොහෙද

ඔවු එච්චරයිද කොහෙද

The post 2014 වෙත ආපසු හැරී බැලීම appeared first on Budhajeewa's Blog.

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කරන හැටි

$
0
0

ජනාධිපතිවරණයේදී ඡන්දය දමන හැටි මාධ්‍ය මගින් නිතර නිතර දැනුවත් කළත්, ඒ දැමූ ඡන්දය ගණන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ජනතාවට එතරම් පැහැදිළි දැනුමක් නැහැ. මේ ලියමන ලියන්න ඕන කියලා හිතුනේ ට්‍විටර් වලදී මේ ගැන සෂේන් සහ සහන් කතාකරන්න යෙදුනු නිසා.

මගේ තාත්තා දැනට වසර කිහිපයකට පෙර විශ්‍රාම යන්න කළින් කිහිප වතාවක්ම ඡන්ද පොළ ස්ථානාධිපති හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ස්ථානාධිපති ලෙස කටයුතු කරලා තියන නිසා මම ඔහුගෙන් ඇහුවා මේක කරන්නෙ කොහොමද කියන එක පිළිබඳව. තාත්තා විශ්‍රාම ගියාට පස්සේ කිසියම් සංශෝධනයක් උනාද කියන එක ෂුවර් නැතත්, මෙන්න මේ විදියටලු ගණන් කිරීම් සිද්ධ වෙන්නේ (වෙනසක් විය යුතු තැනක් තියනවා නම් දන්වන්න.):

ඡන්දය ගණන් කිරීම ඇරඹීම

සවස 4 ට ඡන්ද ප්‍රකාශ කිරීමේ කාල සීමාව අවසන් වූ වහාම ඡන්ද පෙට්ටි සීල් තබනවා ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහ දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ගේ අත්සන් සහිත ලියවිල්ලක් හා, ලාකඩ වලින් තබන මුද්‍රාවකින් යුතුව. ඉන්පසු එකී ඡන්ද පෙට්ට අදාළ ගණන් කිරීම් පරිශ්‍ර වෙත පොලිස් ආරක්‍ෂාව සහිතව ලංගම බස් රථ මගින් ගෙනියනවා. මේ ලංගම බස් රථ වල එක් ඡන්දය දැමීමේ මධ්‍යස්ථානයක හෝ වැඩි ගණනකට අදාළ ඡන්ද පෙට්ටි තිබෙන්නට පුළුවන්.

ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍ර එක් දිස්ත්‍රික්කයක එකක් හෝ වැඩි ගණනක් තිබෙන්නට පුළුවන්, ඒක තීරණය වෙන්නේ ඒ ඒ දිස්ත්‍රික්කයෙන් අපේක්‍ෂිත ඡන්ද සංඛ්‍යාව මත. එක් පරිශ්‍රයක් තුලත් එක් එක් ආසනය සඳහා වෙන වෙනම ගණන් කිරීමේ මධ්‍යස්ථාන තිබෙනවා. ඡන්ද සංඛ්‍යාව වැඩි ආසන සඳහා ගණන් කිරීමේ මධ්‍යස්ථාන එකකට වැඩි ගණනක් තිබෙන්නට පුළුවන්.

ආසනයකට අදාළ ඡන්ද පෙට්ටි මෙන්න මේ මධ්‍යස්ථානයන් තුළට ගෙන එනු ලැබීමෙන් පස්සේ මැතිවරණ නිලධාරීන් හා පක්‍ෂ නියෝජතයන් මුලදී තබන ලද අත්සන් හා ලාකඩ මුද්‍රා පරීක්‍ෂා කර බලා සෑහීමට පත් වීමෙන් පසුව ඡන්ද පෙට්ටි විවෘත කොට ගණන් කිරීම පටන් ගන්නවා.

ඡන්දය හෙවත් පළමු මනාපය ගණන් කිරීම

මුළදී ගණන් කරන්නේ ඡන්දය හෙවත් පළමු මනාපය පමණයි. ඡන්ද පත්‍රිකා පරීක්‍ෂා කර බලා අවලංගු ඡන්ද පත්‍රිකා වෙනම එකතු කරනවා. ඉතිරි වලංගු සියළු ඡන්ද පත්‍රිකා ප්‍රකාශ කර ඇති ඡන්දය අනුව වෙන් කරනු ලබනවා. ඉන්පසු ඒ වෙන් කළ ඡන්ද පත්‍රිකා 50 හේ මිටි බවට පත් කරනවා. ඊළඟට ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ මෙවැනි 50 මිටි ගණන් කර ඒ ඒ ආසනයට අදාළ ඡන්ද ප්‍රතිඵලය අදාළ පරිශ්‍රයේ ප්‍රධානියාට ලබා දීමෙන් පසු මැතිවරණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසුව මාධ්‍යයට නිකුත් කරනවා.

මෙලෙස මුළු රටේම ආසනවල ඡන්ද ප්‍රථිපල එකතු කිරීමෙන් දෙපාර්තමේන්තුවේදී දිස්ත්‍රික්ක හා ජාතික මට්ටමේ ප්‍රථිඵල නිකුත් කරනවා.

දෙවන හා තෙවන මනාප ගණන් කිරීම

යම් හෙයකින් වලංගු මුළු චන්ද ප්‍රමාණයෙන් 50% කට වඩා එක් ඡන්දයක් යන කඩඉම පැණීමට කිසිදු අපේක්‍ෂකයෙකු සමත් වෙලා නැත්නම් ඇරඹෙනවා දෙවන මනාපය ගණන් කිරීම.

එහිදී දැනට පළමු සහ දෙවන ස්ථාන ලබාගත් අපේක්‍ෂකයින් දෙදෙනා හැර ඉතිරි අපේක්‍ෂකයන් සඳහා ඡන්දය පාවිච්චි කර තිබූ අයගේ ඡන්ද පත්‍රිකා මිටි නැවත පරීක්‍ෂා කර බලනවා. ඔවුන්ගේ දෙවන මනාපය පළමු හෝ දෙවන ස්ථාන ලබාගත් අපේෂකයන්ට පාවිච්චි කර ඇත්නම් ඔවුන්ගේ මනාපත් ඉහත කී අපේක්‍ෂකයන් දෙදෙනාගෙන් ඔවුන් දෙවන මනාපය දී ඇති අයගේ ගොඩට එකතු කරනවා.

එහිදීත් වලංගු මුළු චන්ද ප්‍රමාණයෙන් 50% කට වඩා එක් ඡන්දයක් යන කඩඉම ජය ගෙන නැත්නම්, දෙවන මනාපයත් දෙවැන්නාගෙන් පහළ අපේක්‍ෂකයන්ට දී තිබූ ඡන්ද පත්‍රිකා (එනම් ඉහත අවස්ථා දෙකේදීම පළමු හෝ දෙවන අපේක්‍ෂකයන් වෙත එකතු නොවූ ඡන්ද පත්‍රිකා.) වල තෙවන මනාපය ගණන් කරනවා.

The post ජනාධිපතිවරණ ඡන්ද ගණන් කරන හැටි appeared first on Budhajeewa's Blog.

ජනාධිපතිවරණය 2015; එහෙනම් එකත් ඉවරයි? නෑ, තවම පටන් ගත්තා විතරයි හිටං!

$
0
0

දැනට හෝරා කිහිපයකට පෙර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හෙවත් “මැකෝ” විසින් පසුගිය 8 වන දින පවත්වන්නට යෙදුන ජනපතිවරණයේ නිල අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කළා. ඒක අනුව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ලෙසින් තරග කළ මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කළා.

මෛත්‍රිට සපෝට් කර අය සතුටු උනා, මහින්‍දට සපෝට් කළ අය මෛත්‍රිට ඡන්දෙ දීපු අයට බැන්නා. තව පැය කීපෙකිං — ඒ කියන්නෙ හවස 6 ට — දිවුරුම් දීම නිදහස් චතුරශ්‍රයේදි සිදු කරනවා ලු.

ඉතිං ඒකත් ඉවර නේ එතකොට, නෑ, දැන් තමා වැඩ පටන් ගන්නේ.

ඔක්කොටම කලිං කියපං උඹ කාටද ඡන්දෙ දුන්නෙ?

මම දුන්නෙ මෛත්‍රිට.

ඇයි ඒ?

පැවතුනු මහින්‍ද ගේ පාලනය නාහෙට අහන්නේ නැතුව අයාළේ දුවන්න පටං අරං තිබුනේ. යුද්ධයේ අවසානය දක්වාම අපි කිසි සද්දයක් නැතුව කට වහගෙන පටි තද කරගෙන හිටියා රටට පිළිලයක් වෙලා තිබුනු යුද්දේ කොහොම හරි ජයග්‍රහණයෙන් කෙළවර කරන්න ඕන නිසා. අපි හිතුවෙ 2009 දි යුද්දෙ ඉවර උනු ගමංම නැතත්, 2010 දි වත් අපිට පටි බුරුල් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් වේවි කියලා.

හැබැයි මහින්දගෙ පාලනේ කෙළවර වෙන තාක් අපිට පටි බුරුල් කරන්නවත්, සැමට සමාන නීතියක් ඇති රටක නිදහසේ ඉන්න අපිට තිබුන අවශ්‍යතාවය ඉෂ්ඨ කරන්න ඔහු අසමත් උනා. ඒ මදිවට මිත්‍ර සංග්‍රහ, දූෂණ, නාස්තිය, සහ මෙකී නොකී නොපනත් කම් රජ කරන්න ගත්තා

යුධ ජයෙන් පස්සේ අපි 2010 දී (මට නම් ඒ දවස් වල ඡන්ද බලේ තිබ්බේ නෑ.) කළ ගුණ සලකළා නැවත පත් කළ සුදෝ සුදු මහින්ද දවසින් දවස කළු වෙන්න ගත්තා. අඳුරගන්න බැරි තරමටම කළු උනා.

එහෙම යන කාලෙක තමයි ඔහු තවත් අවුරුදු දෙකක් තිබියදී 2014 දි තවත් ජනපතිවරණයක් කැඳවුවේ. ඒකට ඔහුගෙම පක්‍ෂේ මහ ලේකම් මෛත්‍රී ඔහුගේ ප්‍රතිවාදියා හෙවත් “විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක” බවට පත් උනා.

මෛත්‍රී පිළිබඳව විශේෂ පැහැදීමක් නැතත්, ඔහුගේ වටේ ඉන්න චන්‍ද්‍රිකා ලා, රනිල් ලා, රාජිත ලා, චම්පික ලා, පිළිබඳව සහ ඔවුන්ගේ පෙර වැරදි ගැන අපැහැදීමක් තිබුනත්, මෙතනදී මහින්ද නැවතවරක් පත් කළ නොහැකියි කියන මතේට මම එනවා. මෛත්‍රී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනෙක් සියළු අංග අමතක කරන මම විධායක ජනපති පුටුව අහෝසි කරලා කැබිනට්ටුව හරහා පාර්ලිමේන්තුවට වග කියන ජනපති ධූරයක් නිර්මාණය කිරීම කියන ප්‍රතිපත්තිය හිතට ගන්නවා.

ඔය කාලකණ්නි පුටුව නිකං “ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්” එකේ මුද්ද වගේ, දාගන්නේ මොකාද, ඒ දාගන්න එකාව ඇතුලෙ හිටං ටික ටික කුණු කරනවා ඔහු ඇවිදින කුණු ගොඩක් බවට පත් වන තෙක්. ඉතිං ඒ වගේ දෙයක් හොඳ මිනිස්සු නරක් කරනවා, හරියට මහින්දට උනා වගේ. ඒ වගේ භයානක දෙයක් එක් මිනිසෙකුට භාර දෙන්න බෑ. රටේ ස්‍වෛරීත්වයට හා ඒකීයත්වයට හානි නොවී අනෙකුත් බලතල නිසි ලෙස කැබිනට් මණ්ඩල විධායකයට පැවරිය යුතුයි.

ඒක කරනවා කියපු නිසා මම මෛත්‍රීට ඡන්දය දුන්නා. මොකද එහෙම බලයන් රාශියක් කේන්‍ද්‍රගත වෙන එක නැවැත්තුවාම ඒ බලය අපයෝජනය වෙන්න තියන ඉඩ අඩුයි. එහෙම උනාම නීතිය ස්ථාපිත වෙන්න ඕන කරන වැදගත්ම පසුබිම හැදෙනවා. එතකොට මේ රටේ ස්ටෑන්ඩර්ඩ් ඔෆ් ලිවින් එක ඉහළ මට්ටමකට එනවා.

යුද්දෙ නවත්තපු මනුස්සයාට නේද උඹ එහෙම කළේ? සංවර්ධනය උඹ දැක්කෙම නැද්ද?

සරත් ෆොන්සේකා කොච්චර කෑ ගැහුවත් දේශපාලන සහයෝගය නැතුව යුද්ධයක් කරන්න හමුදා වලට බැහැ. රටක යුද්ධයක් ජයගන්න — තියා යුද්ද කරන්නවත් — කොන්ද පණ තියන නායකයෙන් ඕක. අන්න ඒ නායකත්වය සුපිරියටම සැපයුවා මහින්‍ද. ඉතිං එහෙම යුද්ධය ජයගෙන නවතන්න හයියක් උනු නායකයා, ඒ ශූර බවෙන්ම රටේ මිනිසුන්ට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදයි කියලා අපි හිතුවා. හැබැයි ඒ හිතුවිල්ල හීනයක් පමණක් උනා!

නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති කළා වගේම ඒ ව්‍යාපෘති වලින් අපි ප්‍රයෝජන ගන්නවා (“උඹ හයිවේ එකේම ගමේ ඇවිං මෛත්‍රීට ඡන්දෙ දුන්නා!”). හැබැයි ඒ ව්‍යාපෘති අරපිරිමැසුම් ඇතිව කරපුවා ද? ඒවයින් දූෂණයට නාස්තියට කොච්චර වැය උනාද? කී දෙනෙක් ඒවයෙ සල්ලි තමංගෙ සාක්කුවට දාගත්තද? ඒ නාස්තිය දූෂණය නැත්නම් ඊටත් වඩා හොඳ තත්වයේ ව්‍යාපෘති ඊටත් වඩා ගණනක් රට පුරා කරන්න තිබ්බා! එහෙම තිබ්බ නම් අපි කොච්චර ආසද?

රටේ නායකයගේ සනුහරයට සහ ඇයි හොඳයියන්ට එක නීතියකුත්, අනෙකුන්ට තව නිතියකුත් ක්‍රියාත්මක වෙන රටක අපි ඉන්නෙ නිදහසේද? චණ්ඩි ඇමතියන්ටයි දූෂිත මන්ත්‍රීන්ටයි ඔළුව නවාගෙන කොහොමද අපි ඉන්නේ?

දුන්න නං කට වහගෙන හිටපං!

කට වහගෙන ඉන්න බෑ. නව ජනපතිට ඡන්‍දය දුන්නු අයත් නොදුන්නු අය දැන් හිතන්න ඕන තමන් යටත් වැසියන් නෙවෙයි පුර වැසියන් කියලා. පුර වැසියෙක් නම් පත් කර යැවෙන නියෝජිතයින් ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවද නැද්ද කියන එක පිළිබඳව සැළකිල්ලෙන් ඉඳලා ඔවුන් ඒ ප්‍රතිපත්ති නොසලකා නොහරින බවට වග බලාගන්න එක පුරවැසියන්ගේ වගකීම. බත් පාර්සයලට, අරක්කු බෝතලයට, හෝ රුපියල් පන්සීයට නො රැවටී ස්‍වකීය බුද්ධිය මෙහෙයවන පුර වැසියන් ඉන්න රටක තමයි ප්‍රජාතන්ත්‍රවාදය මල් ඵල ගැනෙන්නේ.

මෛත්‍රී ගැන කතා කරනකොට ඔහු යම් යම් ක්‍ෂණික පිළියම් සමූහයක් දින සීයක් තුළ කිරීමට ප්‍රතිඥා දුන්නා. අපි දැන් පළමුව කළ යුතු හෙටින් (10) පටන් ගැනෙන මේ මුල් දින සියයේ සමය තුල ඔහු එම ප්‍රතිපත්ති ප්‍රකාශයන් යථාර්ථ බවට පත් කරන බවට සහතික වීම.

ඡන්ද සමය අතුරතුර #PresPollSL යන හැෂ් ටැගයක් භාවිතා උනා සමාජජාල සේවා වල මේ ජනපතිවරණය ගැන කතා වෙන්න. මේ වෙනකොට #100My3Days කියන හැෂ් ටැගය ආරම්භ වෙලා තියනවා මෛත්‍රිපාල ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දින සියයෙන් කරනවා කියූ වැඩ කටයුතු පොරොන්දු වූ පරිදි කෙරෙනවාද යන්න නිරීක්‍ෂණය සඳහා සහ ඒ සම්බන්ධව ජනතාව අතර සාකච්ඡා කිරීමට.

මෛත්‍රීට ඡන්දය දුන් අයත් නොදුන් අයත් සියළු පුරවැසියන්ගේ වගකීම තමයි මෛත්‍රීව මේ කාලකණ්නි පුටුවෙන් බේරගෙන, දුන් පොරොන්දු ඉටුකරවා ගැනීම.

The post ජනාධිපතිවරණය 2015; එහෙනම් එකත් ඉවරයි? නෑ, තවම පටන් ගත්තා විතරයි හිටං! appeared first on Budhajeewa's Blog.

සෙංකොට්ටං: කියන තරං සුවඳ නැත

$
0
0

ස්පොයිලර්ස් තියෙන්න පුළුවං නිසා පොත නොකියෙව්ව කට්ටිය මේ ලිපිය නොකියව ඉන්නව නං හොඳයි.

පහුගිය කාලයේ මිනිස්සු පිස්සුවෙං වගේ හොඳ කියපු පොතක් තමයි “සෙංකොට්ටං” කියන්නෙ. අන්තර්ජාලේ තැං තැං වල සිද්ද වෙච්ච කතාවල හැටියට මේක ඇවිල්ලා “පට්ට” පොතක්. වෙන පොත් මාලාවක් කියවන නිසා මේක මිලදීගෙන කියවන්න උනන්‍දුවක් නොතිබ්බට, මේ ළඟදි ඔෆිස් එකේ ලොක්කා මේක මිලදී ගත්තු නිසා සහ අඩු කාලයක් ඇතුලත කියවන්න පුළුවං කියල කියපු නිසා, මම තීරණය කළා මේක කියවල බලන්න.

සෙංකොට්ටං මුලින්ම ලකුණු කපාගත්තේ පොතේ මුල ඉඳංම තියෙන නිමක් නැති යතුරු ලියන දෝෂ (typos) තොගේ නිසා! පොතක පළමු හෝ දෙවන මුද්‍රණයක් නම් මේ වගේ දේකට සමාව දෙතෑකි; හැබැයි මට කියවන්න ලැබුනේ මේ පොතේ දහයසවැනි මුද්‍රණය! 2012 අගෝස්තු වල කරපු පළමු මුද්‍රණෙං පස්සේ 2015 අගෝස්තු වෙනකොට මුද්‍රණ දහසයක් (!) කරලා තිබුනත්, සෝදු පත් බලන්න කිසිම කෙනෙක් හිතල නොබලපු පාටයි. මේවගේ පොඩි කාරණා වලිං තේරෙන්නේ පොතේ “තිරය පිටුපස” සෙට් එක පොත කොච්චර වැදගත් කොට සිතනවද කියන එක තමයි! අවුලක් නෑ, යතුරු ලියන දෝෂ වලට සමාව දීලා කතාව දිහා බලමු.

මේ පොතේ අළු චරිත නැත. හැබැයි චරිත වර්ග තුනක් සිටී. පට්ට සුදු චරිත, පට්ට කළු චරිත, සහ පට්ට සුදු සහ පට්ට කළු දෙකම තියන චරිත. ඔය දෙකම තියන චරිත සහ අළු චරිත පටලව නොගන්න පරිස්සං වෙන්න ඕන. “දොස්තර ජැකිල් සහ හයිඩ් මහත්තයා” වගේ එකිනෙකට පරස්පර පෞර්ෂත්ව වෙන් වෙන්ව එකම ඇඟක් තුල ක්‍රියාත්මක වන චරිත මේකෙ තියනවා. ඒවට මම හිතන්නේ “මල්ටිපල් පර්සනෑලිටි ඩිසෝඩර්” කියන ලෙඩේ වැළඳිලා වෙන්න ඕන. මේ චරිත හොඳ වෙලාවට පට්ට හොඳයි, නරක වෙලාවට පට්ට නරකයි. එහෙම නැතුව හැබෑ ලෝකෙ අපි හැමෝම අයිති වෙන හොඳ නරක දෙකම මිශ්‍ර වෙච්ච කට්ටිය මේ කතාවේ නෑ.

පට්ට සුදු චරිත වලට උදාහරණ ගන්න එක තමා ලේසිම වැඩේ. මොකද මේකෙ ඉන්න ප්‍රධාන චරිත බහුතරයක් පට්ට සුදුයි. වීරප්පුලි හේනයා, මල්මා රිදී, ගුණ රාලහාමි, නම්බු හේනයා, බබා හේනයා පට්ට සුදුයි. මේ අය නිකං රහත් වෙලා වගේ. කුරා කූඹියෙකුටවත් වැරැද්දක් මේ අයගෙං සිද්ද වෙන්නෙ නෑ. පට්ට අහිංසක හැමවිටම නිවැරදි පොරවල් මේ අය.

පට්ට කලු අය හොයන එක සුදු අය හොයනවට වඩා ටිකක් අමාරුයි. මොකට පට්ට කලු චරිත ඇවිල්ලා ප්‍රධාන චරිත නෙවේ. අනගිහාමියි බබානිසුයි විතරයි පොඩ්ඩක් හරි වැදගත් වෙන කලු චරිත. අනිත් කලු චරිත හැම එකම පසුබිමේ තියන එව්වා විතරයි. උදාහරණයක් හැටියට බබා හේනයා ඉස්කෝලෙට දානවට තදින්ම විරුද්ධ උනු මනුස්සයා, ඊළඟට මල්මා රිදී ගෙ රෙදි පොට්ටෙනිය කඩෙං තියනවට විරුද්ධ වෙලා ඒකට පයිං ගහපු මුදලාලි හාමිනේ තමයි මතකෙට එන්නේ.

පට්ට සුදු සහ පට්ට කළු දෙකම තියන චරිත ඔය කලිං වර්ග දෙකට වඩා ටිකක් රසවත්. පොඩිනා තමයි මේකෙ ඉහළිංම ඉන්නේ. අනගිහාමි හම්බවෙනකං පොඩිනා පට්ට සුදුයි. මල්මා රිදී හෙවත් තමංගෙ අම්මා කියන දේ අහගෙන ඉඳපු සුවච කීකරු දුවෙක්. හැබැයි ඉතිං අනගිහාමි හමුවෙලා විනාඩියක් යන්න කලිං මේකි පට්ට කලු සහ පට්ට මෝඩ වෙනවා. අනගිහාමි හම්බඋනාට පස්සේ පොඩිනාට තියන එකම උවමනාව ඌත් එක්ක හැමිණෙන එක විතරයි. පට්ට සුදු චරිතේ කිසිම පදනමක් පසුබිමක් නැතුව පට්ට කලු වෙනවා. කාගෙ කවුද කියල කියන්න දන්නැති අනගිහාමි කියන මනුස්සයාට පන ඇරල ආදරේ කරන්න ගන්නවා. මේ ඇවිල්ලා මුං දෙන්නා මුනගැහිලා පැයක් හමාරක් යන්නත් කලිං! ඉන්ස්ටන්ට් ආදරේ.

පොඩිනාගෙ ඊළඟ පට්ට කලු සිද්දිය තමයි පට්ට සුදු නම්බු හේනයා කියන මිනිහාව දූෂණේ කරන එක. අනගිහාමිත් එක්ක හැමිනිච්ච හැමිණිල්ල නිසා ඇතිඋනු පොඩි එකාට තාත්තෙක් ඕන නිසා ඒ මිනිහාව දූෂණේ කරලා බලෙන් බැඳගන්නවා. හැබැයි ඊට පස්සෙ ඌට සලකන්නේ ඌ පට්ට වැරැද්දක් කරල වගේ. ඇයි ඒ? මස්ඉඹුල මහත්තයා මේ හැසිරීමට හේතු සාධක දෙන්නෙ නෑ.

ඊළඟට පොඩිනා පට්ට සුදු වෙනවා. තමංට ලැබෙන දරුවා වන බබා හේනයාට පොඩිනා පන ඇරල ආදරෙයි. මේ වෙනස්වීම් එකිනෙක ගැලපෙන්නෙ නෑ. මේ අන්ත දෙක අතර මාරුවීමේදි පොඩිනාගෙ හිත ඇතුලෙ ක්‍රියාත්මක වෙන සිතුවිලි අපිට පේනවා. ඒවා කිසිසේත්ම එක රටාවකට පෑහෙන්නෙ නෑ. ඉතං අපිට සැක කරන්න තියෙන්නෙ පොඩිනාට මල්ටිපල් පර්සනෑලිටි ඩිසෝඩර් එක තියනවයි කියන එක.

පොඩිනගෙ නංගි වෙන හීං රිදීටත් සැරට නැතත් ටිකක් මේ ලෙඩේ තියනවා. හීං රිදී ප්‍රධාන චරිතයක් වෙන්න පටං ගන්නෙ ඇයගෙ කොටහළු මගුලෙ ඉඳලා. ඊට කලිං හීං රිදී ගැන වැඩි සඳහනක් නෑ. කලිං කිසි හැලහොල්මනක් නැතුව පැත්තකට වෙලා හිටි හීං රිදී කොටහළු මගුලෙං සතියක් යන්නත් කලිං බබානිස් කියන මනුස්සයාට පට්ට මෝඩ විදියට පට්ට ආදරේ කරන්න ගන්නවා. ඉන්ස්ටන්ට් ආදරේ පාට් ටූ.

කලුද සුදුද කියල වෙන් කරන්න බැරි එකම එක චරිතයයි මම මේ කතාවෙදි දැක්කේ. ඒ මල්මා රිදීගෙ අක්කා වෙන රම්බරී. අන්න ඒ චරිතෙ විතරක් යම්කිසි බරක් ඇතුව කතාවෙ පසුබිමේ උනත් ටිකෙන් ටික වර්ධනේ වෙනවා. එකම එක ප්‍රධාන ජවනිකාවක විතරයි ඒ චරිතය ප්‍රධාන වෙන්නේ.

මේ පොතේ සමහර චරිත තියනවා හඳුන්වා දුන්නා විසිකරා මාදිලියේ. කතාව පටං ගන්න උපාසක මහත්තුරු දෙපළ, පොත් විකුණන බවතා, පොඩිනා මරන “කැලෑ සතා”. මේ චරිත වලට කිසි ගැඹුරක් නෑ. අතීතයක් නෑ, අනාගතයක් නෑ. හිතුනට අඳුන්වලා දුන්නා එකම එක ජවනිකාවකට. රත්නපුරේ ඉන්න ලොකු පුතා ගැන නමිං විතරයි සඳහං වෙන්නේ. ඒ (නො)චරිතේ එකම ප්‍රයෝජනේ කතාව අවසානේ බබා හේනයා අරං-හදාගැනීම විතරයි.

කතාවෙ සැබෑ අවසානය ලිවුවට පස්සේ මස්ඉඹුල මහත්තයාටත් තේරිලා තියන පාටයි “මේක මදි” කියලා. ඒක නිසා තමයි අගට අතුරු කතාවක් පූට්ටු කරලා බබා හේනයාට සමූහ ව්‍යාපාරයක අයිතිකාර කමයි, කොල්ලුපිටියෙන් සුපිරි ගෙදරකුයි, ඔක්ස්ෆර්ඩ් වල ඉගන ගන්න ඉංග්‍රිසි විතරක් කතා කරන්න පුළුවන් පොෂ් මිණිපිරියකුයි දීල තියෙන්නේ.

මේ පොතේ පරිච්ඡේද වෙන් කරලා තියෙන්නෙ මොන පදනමකින්ද කියල එක මට තේරුම් ගන්න බෑ. කතාව කියන දෘෂ්ඨි කෝණය වාක්‍යයෙන් වාක්‍යයට වෙනස් වෙනවා. සමහර විට සිතුවිල්ලක් ගැන කියනකොට මේ කාගෙ සිතුවිල්ලක් ද කියලා බලාගන්න දෙතුන් පාරක් බලන්න වෙනවා. මේ වගේ තාක්‍ෂණික දෝශ සමූහයක් නිසා කතාව වෙහෙසකර වෙලා තියනවා.

පොත කියෙවුවට පස්සෙ මට හිතුනෙ “අපරාදේ!” කියලා. දැනට පරම්පරාවකට කලිං වෙනකම්ම ලංකාවෙ පට්ට ප්‍රශ්නයක් වෙලා තිබුනු දැනටත් පොඩ්ඩක් ඉතිරි වෙලා තියන කුල ක්‍රමය ගැන මීට වඩා දෙයක් කරන්න තිබුනා. විනාඩි දෙකේ ක්‍ෂණික ආදරයවල්, පට්ට සුදු සහ පට්ට කලු මිනිස්සු වැනි දේවල් කතාවෙ වටිනාකම නැති කරලා.

පොත කියවලා, පත අට එකට සිඳවා ගන්න ඔබට පුළුවන් නම් මස්ඉඹුල කතාව ලියන්න පටන් ගන්නකොට හිතේ තිබුන අරමුණ තේරුං ගන්න පුළුවන් වෙයි සමහර විට. ඒ වටා ගොඩනගපු කතාව ඒ අරමුණට නොයතත්, ඒ අරමුණ තේරුං ගන්න පුළුවං නං වටිනවා.

The post සෙංකොට්ටං: කියන තරං සුවඳ නැත appeared first on Budhajeewa's Blog.

Viewing all 25 articles
Browse latest View live